Posts

අ.පො. ස (සා. පෙළ) විචාර ලිවීමේදී සිහිතබා ගත යුතු වැදගත් කරුණු

Image
සාහිත්‍ය රසාස්වාදයේ විශේෂා අංගයක් වන්නේ එම සාහිත්‍ය කෘතිය පිළිබඳව විචාරය කිරිමයි. යම් සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ විධිමත් හා බුද්ධිගෝචර විග්‍රහ කිරීමක් විචාරය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකි ය. හොඳ විචාරයකින් එම සාහිත්‍ය කෘතිය   පිළිබඳ ව මනා අවබෝධයක් ලැබිය හැකි වනු මෙන් ම , එම සාහිතය කෘතියේ රසය විඳ ගැනීමට පහසුවක් ද එමගින් ඇති කරවයි. විචාරයක් සිදු කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව පොදුවේ සලකා බැලේ. කතෘගේ ආකල්පය හා හැඟීම් පැහැදිලි කිරීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද ? ඒවා සාර්ථක වි ඇත් ද ? අසාර්ථ වී ඇත්නම් ඒ මොනවාද ? ඊට හේතු මොනවාද ? යොදා ගත් භාෂාවේ ප්‍රබලතා සහ දුබලතා මොනවාද ?     මේ ආදී ලෙස සාහිත්‍ය කෘතිය පිළිබඳ ව විවරණය කිරීමේදී එම කරුණු හේතු සාධක සහිතව සද් භාවයෙන් පෙන්වා දිය යුතු ය. එනම් උදාහරණ ආදිය උපුටා දක්වමින් පැහැදිලි කිරීම් කළ යුතු වේ.   සාමාන්‍ය පෙළ විචාර ලිවීම   සාමාන්‍ය පෙළ විචාර ලිවීමේදී ඔබගෙන් ඉහත පරිදි පෘථුල විචාරයක් ලිවීම අපේක්ෂා නොකරනු ලැබේ. තව ද , සෑම විචාරයක් ම අදාළ කෘතියේ සාධනීය ලක්ෂණ ඔස්සේ විවරණය කිරීමට හැකි වන සේ ප්‍රශ්න සකස් වනු බ...

දියමන්ති මාලය

Image
  ගීද මෝපසාං දියමන්ති මාලය කෙටිකථාව තුළ කේන්ද්‍රීය චරිතය වන්නේ මැටිල්ගේඩාගේ චරිතයයි.මැටිල්ඩාගේ සිතුවිලි ක්‍රියා කරනා ආකාරය විග්‍රහ කරන කෙටිකථාකරු සාමාන්‍ය කාන්තාවක් සතුව පවතින මනෝභාවයන් මැටිල්ඩා හරහ ඉස්මතු කරයි. “හැඩ වැඩ ඇතිව ඇඳීමට පැළඳීමට හැකිකමක් නොතිබුනු හෙයින් ඈ චාම්ව ඇන්දා ය.චාම්ව පැළන්දාය.අනෙක් රුචි අරුචිකම් බැරිකම හේතුකොටගෙන ඈ සරල අන්දමින් පවත්වා ගත්තාය.” කෙටිකථාකරුවා හඳුන්වාදෙන මැටිල්ඩාගේ චරිතය සජීවී චරිතයකි.මැටිල්ඩා යනු සැබෑ ලෝකයේ ගැහැණියකි.ඈ සිතන පතන ආකාරය සජීවී ය.බොහෝ කාන්තාවන් චාම්ව ජීවත්වන්නේ නැතිබැරිකම හේතුකොටගෙන වන අතර ඒ අයුරින් මැටිල්ඩාගේ ච්‍රිතය සජීවීව ඉදිරිපත් කරයි. මීට අමතරව කෙටිකථාව තුළ මැටිල්ඩා හරහා තවත් සජීවී අව්ස්ථාවක් නිර්මාණය කරයි. “දිරා ගිය පුටුවලින් හා අවලස්සන දොරජනෙල් රෙදිවලින් බලවත්සේ සිත් තැවුලට පත් ඈ මනස්තාපයෙනුත් කලය ගත කලාය.” ඉහත නිදසුන අනුව මැටිල්ඩා සැබෑ ගැහැණියක් බව කෙටිකතාකරුවා තහවුරු කරයි.සමන්‍ය කන්තාවකගේ චරිතය මෙම ආවේණික ගතිලක්ෂන ඔස්සේ ඉස්මතු කර කාන්තාව සජීවීව ඉස්මතු කරයි. තවත් අවස්ථාවක සජීවී චරිත නිරූපණයක යෙදෙන කෙටිකථාකරු ලොයිසල් ම...

කුරහන් ඉසිමුව කළුවර බලාලා

Image
ජනකවි විවිධ ස්වරූපයන්ගෙන් බිහි වී ඇති අතර කුරක්කන් කවිද එක් ජනකවි විශේෂයකි.මෙහිදී ගොවියා මුහුණ දෙන ගැටළු ජන කවිය හරහ ඉස්මතුව තිබීම සුවිශේෂී ලක්ණයකි.හේනක් කෙටීමට පටන්ගත් දා පටන් අස්වනු නෙලා ගන්නා තෙක් ගොවියා මුහුණ දෙන අභියෝගය සීමාවක් නැත. “දුරුතු මහේදී කැලයට වැදිලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් බිමේදී වල් ගිනි තබාලා කුරහන් ඉසිමුව කළුවර බලාලා” හේනෙහි වල් කෙටීම ආරම්භ වූ දා සිට අස්වනු නෙළා ගැනීම දක්වා හේන් ගොවියා මුහුණ දෙන්නේ අභියෝග්‍යන්ට ය.මසක් ප්මණ කැලය කොටන ගොවියා මාස තුනකින් නතුරුව වල් ගිනි තැබීම කරනු ලබයි.ඇට ඉසිනු ලබන්නේ ඉන් අනතුරුව ය.මෙම කාලසීමාව තුල හේන වෙනුවෙන් දැඩි අරගලයක යෙදේ.මෙය ගොවියා මුහුණ දෙන දුශ්කරතාවයකි. “එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්ට එති සිවුපාවෝ බොහොම ගොල්ල සමග ඇති ඌරෝ හැමදාම නිල්ල අඹති සත්දවසින් බැලුවාම” ඉහත කවිය හරහාද කවියා ගැමි කටවහරේ සරල භාශාවක් යොදාගන්නා අතර ධ්වනිතාර්ථවත් යෙදුම්ද යොදා ගනී.එනම් “එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම””කොල්ල කන්ට””ගොල්ල” ආදී පදවල සරල භාෂාවක් යොදාගන්නා අතරම ගොවියාගේ දුෂ්කරථාවය මනාව ඉස්මතු කරයි.ඔහු පවසන්නේ බොහ...

සැළලිහිණි සංදේශයේ ස්වභාව සෞන්දර්‍ය වර්ණනා

Image
  සැළලිහිණි සංදේශයේ ස්වභාව සෞන්දර්‍ය වර්ණනා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි.මෙහිදී විවිධ කාව්‍ය උපක්‍රමද යොදාගන්නා අතර චමත්කාරජනක වන පියසෙහි අසිරිය ගෙන හැර පායි. “වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නලබල සසල දල රළ පෙල නුඹ නැගෙන වෙලළස ගැවසි මුතු සක් පබළු බබළන බල මහ මුහුද එම සඳැ උතුරින් පෙනෙන” ඉහත කවිය හරහා මුහුදු වෙරළෙහි අසිරිය කවියා රසවත්ව වර්ණනා කරන අතර අහස කාන්තාවක් සේ දකියි.අහසට නගින රළ පෙළ කවියා දකින්නේ අහස් ගඟ නැමැති කාන්තාව වැළඳගන්නට සූදානම් වන්නාසේ ය.රූපකාර්ථවත්   සේම උපමා අශ්‍රයෙන් සිදුවීම් විස්තර කරන කවියා විවිධ කාව්‍යෝක්ති යොදා ගෙන ඇති ආකාරය මීට අමතරව වන පියසෙහි අසිරිය ඉතාමත් ම ආකර්ෂණීය ලෙස කවියා විස්තර කරයි. “අග පිපි මල් මලිගිය ලිය කෙලේ යා වග බැඳැගෙන රජහස පුල් විලේයා පිපී ඇති ඉද්ද මල් කැලෑවකි.රජහංසයන් පිරුණාවූ මල් සහිත වූ පොකුණු වල ගැවසෙමින් සිටී.මල්ගස් අසල රොන් ගැවසුනාවූ මල් විසිරී ඇත.කවියා සැළලිහිණියාට පවසන්නේ එවන් වූ සුන්දර දසුන් දකිමින් සුදුවැලි සහිත මගබැස යන ලෙසයි.මෙවන් වූ සොඳුරු පරිසරයක අසිරිය මෙම තිය තුළ රසවත්ව වර්ණනා කරයි “නිමල් සඳ පහන් වැනි වැල...

හංස සංදේශයෙන් ඉස්මතුවන සොඳුරු පරිසරයක අසිරිය

Image
වීදාගම මෛත්‍රී හිමියන්ගේ හංස සංදේශය කෝට්ටේඒ යුගයේ රචිත වැදගත් සංදේශයකි.මෙහිදී රජ්‍ය පාලනය කල 6 වැනි පරාක්‍රමබාහු රජ දවස සංදේශ සාහිත්‍යයේ දියුණුවක් ඇති බව කැපී පෙනේ.මෙම සංදේශය හරහා කෑරගල විහාරස්ථානයේ වැඩ වාසය කරන වනරතන හිමියන්ට ආයාචනා කර සිටින්නේ සමන්,විභීෂණ,උපුල්වන් හා කඳකුමරු යන දෙවිවරුන්ට පිරිත් කියා පින් පමුණුවන ලෙසත් එමගින් පරාක්‍රමබහු රජතුමාට රාජ්‍ය පාලනයට සෙත සලසවන ලෙසයි. මෙම අස්න රැගෙන යන හංසයා දකින සුන්දර පරිසරයේ අසිරිය මෙම පාඩමෙන් ඉස්මතු කොට දක්වයි. “සාර පලය අඹ දඹ රඹ ද වල් පිට මීර ජලය ඇළ දොළ කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට” ඉහත පණිවිඩය රැගෙන යන හංසයා දකින්නේ සොඳුරු දසුනකි.සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් පිරි කෑරගල ප්‍රදේශය සොඳුරු පරිසරයකි.එනම් සාරවත් ඵල වලින් බරවූ අඹ දඹ ආදී වූ පලතුරු වලින් අනූන ඇළ දොළ ආදී වූ සිසිලකින් පිරුණු කෑරගල දකින හංසයා තුළ මැවෙන්නේ සොඳුරු පරිසරයක චිත්‍රයකි.එබැවින් කවියා විස්තර කරන්නේ ඉතා   ඉතා රසවත් ලෙසයි. “පැසෙයි නිබඳ සුවඳැක් කෙත්වත් අවට ඇසෙයි ළමා වසුපැටියන් හඬ දෙවට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ල...

ධර්මසේන හිමියන්ගේ කථා කලාව

Image
දඹදණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධරත්නාවලියේ එන උග්ගසේන කතා වස්තුවේ විශේෂ ලක්ෂණයක් වන්නේ කථාකීමේ කලාවේ ඇති ආකර්ෂණීය බවයි.පමා,රුඅක,අනුප්‍රසවත් පද භාවිතය,සංකල්ප රූප මවන භාෂා භාවිතය.කෙටි වැකි භාවිතය හා ගැමි කටවහර ආදී වූ ලක්ෂණයන්ගෙන් යුතු මෙම වහර සාමාන්‍ය ජනයා උදෙසා අවබෝධවන ආකාරයේ සුවිශේෂී ආකාරයේ සුවිශේෂී අකාරයේ කතා කලාවකි. කථාවේ පටන්ගැන්ම තුළ සංකල්ප රුප මවන භාෂාවක් භාවිතා කරන කථාකරු “නටන එකකුගේ දුවක් හුණදඬු අගකදී නටන එකක් ශිල්ප බලයෙන් අහස ඩ සක්මන් කරයි නටයි ගිත් කියයි.”   මනා අවස්ථා නිරූපණයකින් සංකල්ප රුප මවන භාෂාවක් මෙන්ම අනුප්‍රාසවත් කෙටි වැකි භවිතයකින් අපූරු රංගනයක් ගෙන හැර පායි.මීට අමතරව උග්ගසේනයන් විද්දත් දියණිය කෙරේ බැඳී පවසන්නේ “ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි” යනුවෙනි. සාමාන්‍ය කටවහර ග්‍රන්ථකරණය සඳහා යොදාගන්නා හිමි එම අවස්ථාව යොදා ගන්නේ සජීවී ආකාරයෙනි. උපමා වලින් යුක්ත බස් වහරක් යොදාගන්නා කතුවරයා “අවක්ප්පනයෙන් බැඳි අසු රෑන අල්වා ඇදි ඇදී එන්නා සේ “ ඉහත කොටසින් විද්දත් දියණියගේ බැනුම් විලාසය විස්තර කර්න කතුවරයා වැරදි ලෙස ලිහිල් ස්වරූපයෙන් බඳින ලද අශ්ව...

උග්ගසේන කථා වස්තුවෙන් හෙළිවන හාස්‍ය හා උපහාසය

Image
සද්ධර්ම රත්නාවලියෙහි එන උග්ගසේන කථ වස්තුවේ හාස්‍ය හා උපහාසය දනවමින් දුබලතා සහිත චරිත ඉස්මතුකොට දැක්වීම ධර්මසේන හිමියන් සිදු කරනු ලබයි. “ආස සිට නටන ඒ විද්දත් දියණියගේ භාව භාව ලීලා දැක වයෝවෘ ද්ධිත්   විකාර රූපකලාපයක් යැයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ පෙම ඇතිව” උග්ගසේන සිටුපුත්‍රයා විද්දත් දියණියගේ භාව ලීලා දැක කතුවරයා හෙලන්නේද උපහාසාත්මක ෂ්ඨියකි. “ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමි” වශයෙන් ප්‍රකාශ කරන උග්ගසේන කෙරෙන් ඉස්මතු වන්නේ හැඟීම් වලට වහල් වූ චරිත ස්වභ්හවයකි.කාන්තාවක අහිමිවීම ජීවිතය නැතිකර ගැනීමට හේතුකරගන්නා දුර්වල චරිතයක් සේ කතුවරයා නගන්නේ උපහාසයකි.එපමණක් නොව විද්දත් දියණිය සිය දරුවන් නැළවීමේදි යොදා ගන්නා වාග් ප්‍රහාර තුළින්ද මනාව උපහාසය ජනනය කරයි. “ගැල් ර්ක්නවුගේ පුත බර උසුලවන්න්වුගේ පුතැ කුමකුත් නොදත්තවුගේ පුත” ඈ ඔහුට අමතන්නේ උපහාසයෙනි.”කුමකුත් නොදත්තවුගේ පුත” යන්නෙන් එය මනාව පැහැදිලි වේ.මේ අනුව කතුවරයා සිය තුය තුළින් විවිධ චරිත උපහාසයට ලක් කරන බව පෙනේ. මීට අමතරව තවත් අවස්ථාක විද්දත් දියණිය තමාට පරිහව කරද්දී සිටු පුත්‍රයා “තොප නිසා විද්දත් වූවා මදිත් නපුරුත් ඇසුව ...

අමාවතුරේ භාෂා ශෛලිය

Image
  ඉතාමත් රසවත් නිර්මාණයක් වන බුදුරජාණන් වහන්සේ ගේ පුරිසධම්ම සාරථී ගුණය විස්තර කෙරෙන අමාවෙඅතුර ග්‍රන්ථය පොළොන්නරු යුගයේදී ගුරුළුගෝමීන් විසින් රචනා කරන ලදි.මෙහි හත්වැනි පරිච්ඡේදයෙහි එන අඟුල්මල් දමනය කථා පුවත මනාවූ භාෂා උපක්‍රම සං‍යෝගයකින් රසවත්ව ඉදිරිපත් කිරීමට සමත් වී ඇත මෙහිදී අනුප්‍රාසවත් පද භාවිතයක් හරහා කතුවරයා විසින් මනා වූ අවස්ථා නිරූපණයක යෙදෙයි. “මිනිසුන් මර මරා ඇඟිලි විදැ මාලා කොටැ දරයි.” මෙහිදී “මර මරා” යන පදය අනුප්‍රාසවත් කර තිබීම හරහා කතුවරයා අංඟුලිමාල නොනවත්වා එක දිගට සිදු කරන ත්‍රාසජනක ක්‍රියාවන් සජීවී ලෙස   ඉස්මතු කර ඇත.එපමණක් නොව ඒ හරහා කියවන්නා තුළ උද්වේගයක් ජනිත කිරීමට ද කතුවරයා උත්සාහ දරා ඇත. අමාවතුරෙහි එන තවත් භාෂා ලක්ෂණයක් වන්නේ උපමා භාවිතය ලෙස හඳුනා ගත හැක. “මහපොළොව නැගි නැගී බස්නා රළ සෙයින්” මෙහිදී ද අවස්ථවට උචිත උපමා භාවිතයක් භරහා බුදුරජාණන් වහන්සේගේ අධිසෂ් ඨානය ක්‍රියාත්මක වන ආකාරය ඉස්මතු කර දක්වා ඇත.අංඟුලිමාල බුදුන්වහන්සේ ලුහුබැද යාමට දරන උත්සාහය නිරර්ථක වන ආකාරය නිවැරදිව පාඨකයාට වඩාත් රසවින්දනාත්මකව ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහා දරා ඇත. ...

අමවතුරේ අවස්ථා හා සිද්ධි නිරූපණය

Image
අමාවතුරේ සුවිශේෂී ලක්ෂනයක් වන්නෙ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා දක්වන දක්ෂතාවයයි.සිද්ධි නිරූපණයේදී කතුවරයා කෙටි වැකි භාවිතය තුළින් මෙන්ම විවිධ භාෂා උපක්‍රම හරහා අවස්ථාඅව ඉතා ආකර්ශණීය ලෙස විස්තර කරයි එක් අවස්ථාවක කතුවරයා මෙසේ දක්වෙයි  ‘අනෙක් වටැ අනෙක් රසැ ඇත්තෝ ආහ.අනෙක් වටැ අනෙක් රසැ ඇත්තෝ ආහ.තුන් රසමැ ඇත්තෝ අවුදු මෙසේමැ කියා.” ගුරුවරයා බිඳවීම සඳහා සමවයස් කණ්ඩායම් ක්‍රියා කළ ආකාරය මනා අවස්ථා නිරූපණයෙන් කතුවරයා දක්වන්නේ සජීවී ආකාරයට ය.විශේෂයෙන්ම කෙටි වැකි වලින් යුතු බස් වහරක් යොදා ගනිමින් සංකල්ප රූප මවන අවස්ථාවක් නිර්මාණැය කරයි. මීට අමතරව කතුවරයා බුදුන්වහන්සේ අංඟුලිමාල දමනය සඳහා වඩින අවස්තාවේ අංඟුලිමාලගේ ස්වරූපය මනාව නිරූපණය කරයි.  “සොර ක්ලාන්ත වියැ මියෙහි කෙළැ සිඳී ගියේ යැ ශරීරයෙන් ස්වේද බස්සී”   ඉහත කොටස හරහාද කතුවරයා ඉදිරිපත් කරන්නේ අපූරු අවස්ථාවකි. මෙහිදී ද අංඟුලිමාලගේ ස්වරූපය අපූරු චිත්ත රූපයක් හරහා ඉස්මතු කරයි.එනම් ක්ලාන්ත වී මුවෙහි කෙළැ සිඳී ශරීරයෙන් දහඩිය ගලන ආකාඅරය අපූර්ව ආකාරයෙන් ඉස්මතු කර දක්වයි. එමෙන්ම අංඟුලිමාල තෙරුන් පිඬු සිඟා වඩින අවස්ථාවේ ලී දඬු වැදී...
සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel