කුරහන් ඉසිමුව කළුවර බලාලා
ජනකවි විවිධ ස්වරූපයන්ගෙන් බිහි වී ඇති අතර කුරක්කන් කවිද එක් ජනකවි විශේෂයකි.මෙහිදී ගොවියා මුහුණ දෙන ගැටළු ජන කවිය හරහ ඉස්මතුව තිබීම සුවිශේෂී ලක්ණයකි.හේනක් කෙටීමට පටන්ගත් දා පටන් අස්වනු නෙලා ගන්නා තෙක් ගොවියා මුහුණ දෙන අභියෝගය සීමාවක් නැත.
“දුරුතු මහේදී
කැලයට වැදිලා
මසක් පමණ කල්
කැලවල් කොටාලා
මැදින් බිමේදී
වල් ගිනි තබාලා
කුරහන් ඉසිමුව
කළුවර බලාලා”
හේනෙහි වල්
කෙටීම ආරම්භ වූ දා සිට අස්වනු නෙළා ගැනීම දක්වා හේන් ගොවියා මුහුණ දෙන්නේ අභියෝග්‍යන්ට
ය.මසක් ප්මණ කැලය කොටන ගොවියා මාස තුනකින් නතුරුව වල් ගිනි තැබීම කරනු ලබයි.ඇට
ඉසිනු ලබන්නේ ඉන් අනතුරුව ය.මෙම කාලසීමාව තුල හේන වෙනුවෙන් දැඩි අරගලයක යෙදේ.මෙය
ගොවියා මුහුණ දෙන දුශ්කරතාවයකි.
“එල්ල වෙන්ට
කවි කර කීවෙමි බොහොම
කොල්ල කන්ට
එති සිවුපාවෝ බොහොම
ගොල්ල සමග ඇති
ඌරෝ හැමදාම
නිල්ල අඹති
සත්දවසින් බැලුවාම”
ඉහත කවිය
හරහාද කවියා ගැමි කටවහරේ සරල භාශාවක් යොදාගන්නා අතර ධ්වනිතාර්ථවත් යෙදුම්ද යොදා
ගනී.එනම් “එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම””කොල්ල කන්ට””ගොල්ල” ආදී පදවල සරල
භාෂාවක් යොදාගන්නා අතරම ගොවියාගේ දුෂ්කරථාවය මනාව ඉස්මතු කරයි.ඔහු පවසන්නේ බොහෝ
කවි කීවත් කොල්ල ක්න්ට සිවුපාවුන් පැමිණෙන බවකි.ගොල්ල මතුවීමත් සමග එහි එන ඌරන්ගේ
සීමාවක් නැති බවද ගොවියා පවසයි.මෙය ගොවියාට දැඩි දුශ්කරතාවය කි.