Posts

Showing posts with the label පද්‍ය

කුරහන් ඉසිමුව කළුවර බලාලා

Image
ජනකවි විවිධ ස්වරූපයන්ගෙන් බිහි වී ඇති අතර කුරක්කන් කවිද එක් ජනකවි විශේෂයකි.මෙහිදී ගොවියා මුහුණ දෙන ගැටළු ජන කවිය හරහ ඉස්මතුව තිබීම සුවිශේෂී ලක්ණයකි.හේනක් කෙටීමට පටන්ගත් දා පටන් අස්වනු නෙලා ගන්නා තෙක් ගොවියා මුහුණ දෙන අභියෝගය සීමාවක් නැත. “දුරුතු මහේදී කැලයට වැදිලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් බිමේදී වල් ගිනි තබාලා කුරහන් ඉසිමුව කළුවර බලාලා” හේනෙහි වල් කෙටීම ආරම්භ වූ දා සිට අස්වනු නෙළා ගැනීම දක්වා හේන් ගොවියා මුහුණ දෙන්නේ අභියෝග්‍යන්ට ය.මසක් ප්මණ කැලය කොටන ගොවියා මාස තුනකින් නතුරුව වල් ගිනි තැබීම කරනු ලබයි.ඇට ඉසිනු ලබන්නේ ඉන් අනතුරුව ය.මෙම කාලසීමාව තුල හේන වෙනුවෙන් දැඩි අරගලයක යෙදේ.මෙය ගොවියා මුහුණ දෙන දුශ්කරතාවයකි. “එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්ට එති සිවුපාවෝ බොහොම ගොල්ල සමග ඇති ඌරෝ හැමදාම නිල්ල අඹති සත්දවසින් බැලුවාම” ඉහත කවිය හරහාද කවියා ගැමි කටවහරේ සරල භාශාවක් යොදාගන්නා අතර ධ්වනිතාර්ථවත් යෙදුම්ද යොදා ගනී.එනම් “එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම””කොල්ල කන්ට””ගොල්ල” ආදී පදවල සරල භාෂාවක් යොදාගන්නා අතරම ගොවියාගේ දුෂ්කරථාවය මනාව ඉස්මතු කරයි.ඔහු පවසන්නේ බොහ...

සැළලිහිණි සංදේශයේ ස්වභාව සෞන්දර්‍ය වර්ණනා

Image
  සැළලිහිණි සංදේශයේ ස්වභාව සෞන්දර්‍ය වර්ණනා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි.මෙහිදී විවිධ කාව්‍ය උපක්‍රමද යොදාගන්නා අතර චමත්කාරජනක වන පියසෙහි අසිරිය ගෙන හැර පායි. “වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නලබල සසල දල රළ පෙල නුඹ නැගෙන වෙලළස ගැවසි මුතු සක් පබළු බබළන බල මහ මුහුද එම සඳැ උතුරින් පෙනෙන” ඉහත කවිය හරහා මුහුදු වෙරළෙහි අසිරිය කවියා රසවත්ව වර්ණනා කරන අතර අහස කාන්තාවක් සේ දකියි.අහසට නගින රළ පෙළ කවියා දකින්නේ අහස් ගඟ නැමැති කාන්තාව වැළඳගන්නට සූදානම් වන්නාසේ ය.රූපකාර්ථවත්   සේම උපමා අශ්‍රයෙන් සිදුවීම් විස්තර කරන කවියා විවිධ කාව්‍යෝක්ති යොදා ගෙන ඇති ආකාරය මීට අමතරව වන පියසෙහි අසිරිය ඉතාමත් ම ආකර්ෂණීය ලෙස කවියා විස්තර කරයි. “අග පිපි මල් මලිගිය ලිය කෙලේ යා වග බැඳැගෙන රජහස පුල් විලේයා පිපී ඇති ඉද්ද මල් කැලෑවකි.රජහංසයන් පිරුණාවූ මල් සහිත වූ පොකුණු වල ගැවසෙමින් සිටී.මල්ගස් අසල රොන් ගැවසුනාවූ මල් විසිරී ඇත.කවියා සැළලිහිණියාට පවසන්නේ එවන් වූ සුන්දර දසුන් දකිමින් සුදුවැලි සහිත මගබැස යන ලෙසයි.මෙවන් වූ සොඳුරු පරිසරයක අසිරිය මෙම තිය තුළ රසවත්ව වර්ණනා කරයි “නිමල් සඳ පහන් වැනි වැල...

හංස සංදේශයෙන් ඉස්මතුවන සොඳුරු පරිසරයක අසිරිය

Image
වීදාගම මෛත්‍රී හිමියන්ගේ හංස සංදේශය කෝට්ටේඒ යුගයේ රචිත වැදගත් සංදේශයකි.මෙහිදී රජ්‍ය පාලනය කල 6 වැනි පරාක්‍රමබාහු රජ දවස සංදේශ සාහිත්‍යයේ දියුණුවක් ඇති බව කැපී පෙනේ.මෙම සංදේශය හරහා කෑරගල විහාරස්ථානයේ වැඩ වාසය කරන වනරතන හිමියන්ට ආයාචනා කර සිටින්නේ සමන්,විභීෂණ,උපුල්වන් හා කඳකුමරු යන දෙවිවරුන්ට පිරිත් කියා පින් පමුණුවන ලෙසත් එමගින් පරාක්‍රමබහු රජතුමාට රාජ්‍ය පාලනයට සෙත සලසවන ලෙසයි. මෙම අස්න රැගෙන යන හංසයා දකින සුන්දර පරිසරයේ අසිරිය මෙම පාඩමෙන් ඉස්මතු කොට දක්වයි. “සාර පලය අඹ දඹ රඹ ද වල් පිට මීර ජලය ඇළ දොළ කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට” ඉහත පණිවිඩය රැගෙන යන හංසයා දකින්නේ සොඳුරු දසුනකි.සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් පිරි කෑරගල ප්‍රදේශය සොඳුරු පරිසරයකි.එනම් සාරවත් ඵල වලින් බරවූ අඹ දඹ ආදී වූ පලතුරු වලින් අනූන ඇළ දොළ ආදී වූ සිසිලකින් පිරුණු කෑරගල දකින හංසයා තුළ මැවෙන්නේ සොඳුරු පරිසරයක චිත්‍රයකි.එබැවින් කවියා විස්තර කරන්නේ ඉතා   ඉතා රසවත් ලෙසයි. “පැසෙයි නිබඳ සුවඳැක් කෙත්වත් අවට ඇසෙයි ළමා වසුපැටියන් හඬ දෙවට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ල...

ගංගාවේ සංගීතය හාෂා භාවිතය

Image
  ගංගාවේ සංගීතය හාෂා භාවිතය එච්.එම් කුඩලිගම කවියා විසින් රචිත ගංගාවේ සංගීතය පද්‍ය නිර්මාණය හරහා ජීවිතය පිළිබඳ යථාර්ත ධර්මතාවයක් ඉදිරිපත් වේ. මෙහි කවියා යොදාගන්නා භාෂාව ඉතා රසවත් ය.විශේෂයන්ම රූපකාර්ථවත් භාෂාවක් යොදා ගන්නා අතර අනුප්‍රාස සංකල්ප රූප   වලින් පෝෂණය වූ භාෂාවක් කවියා යොදා ගනියි. “සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදි හෝ මහ මුගහුදු හිමි හමුවුන කෙරෙහි මාසතු බර ඔහුට දෙමි” ඉහත කවිය හරහා ගඟට උත්තම පුරුෂ දෘශ්ටි කෝනයක් ආරෝපණය කොට ගඟ ආමන්ත්‍රණය කරන ආකාරය “මි” අක්ෂරයෙන් අනුප්‍රාසවත් කොට ඉදිරිපත් කරයි. මීට අමතරව රූපකාර්ථවත් පද භාවිතයක් හරහා   මහ මුහුද සැමියෙකු ආකාරයට දකියි.ගංඟා විවිධය.මහ මුහුද නැමැති සැමියා හමුවුණ විට තමා සතු බර ඔහුට දෙන බව ගඟ පවසයි. “හිරිමල් සිනා රැලි පෙණපිඬු මිහිරිතම ගල්පර වලම හැපි හැපි බිහි කරමි මම සම තැනිතලාවල හමුවෙයි අලසකම නිරසයි අතර මග අවහිර නොදුටු බිම” ඉහත කවිය හරහා කවියා ඉදිරිපත් කරන්නේ ගඟ පිලිබඳ රූපකාර්ථවත් බස් වහරක් ආශ්‍රයෙන් ගොඩ නගා ගත් අදහසකි.එනම් ගඟෙහි ස්වභාවය තුළින් ජීවිතයේ ඇ...

ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය තුළින් අජීවී පරිසරයට සජීවී බව ආරෝපණය කිරීම

Image
  අජීවී පරිසරයට ආරෝපණය කිරීම ගඟ යන අජීවී වස්තුව හරහා එයට සජීවී බවක් ආරෝපණය කරන කවියා ගඟ ආමන්ත්‍රණය කරන ආකාරය දක්වා එනම් “සැඟවෙන” බවත්”එබෙන” බවත් “පසු නොබසින” බවත්”නොනවතින” බවත් පවසන කවියා ස්‍යුර නැමැති හිමි හමුවන අවස්ථාවේ තමා සතු බර ඔහුට ලබා දෙන බව පවසයි.මෙය අජීවී ගඟට සජීවී බවක් ආරෝපණය කිරීමකි. “සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදි හෝ මහ මුහුදු හිමි හමුවුන කෙරෙහි මා සතු බර ඔහුට දෙමි” ඉහත අදහස මෙම කවියෙන් පවසන අතර ජීවිත්ගය පිලිබඳ දර්ශනයක්ද මේ හරහා ඉදිරිපත් කෙරේ ජීවිතය ද නවතීමක් නැතිව ගලාගෙන යයි.ගඟද එසේ ය. ජීවිතයේ අවසානය මරණයයි.ගඟේ අවසානයද මුහුදට එක්වීමයි.බාධක හමුවේ ගඟ වේගවත් ය.ජීවිතයද එසේ ය.බාධක හමුවේ මුවහත් වේ. එබැවින් ගඟ හරහා ඉදිරිපත් කර ඇත්තේ ජීවන දර්ශනයයි. “එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මාදුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙක් අයි නොසොයන්නේ” ගඟ සංවාදයක යෙදෙන ආකාරයට කවිය ගොනු අකාරයට කවියා දක්වන්නේ ගඟ පවසන්නේ තමන් ගැන වගතුග මිනිසුන් සොයන බවයි.නමුත් ලෝකයේ මිනිසුන් ගේ උපත ...

මුනි සිරිපා සිඹිමින්නේ

Image
මුනි සිරිපා සිඹිමින්නේ චරිත සංවර්ධනයට නිර්මාණාත්මක   අදහස් ඉදිරිපත් කිරීම හමුවේ ප්‍රතිභාපූර්ණ කවියෙකු මෙහිදී අපට හමුවේ. මෙම කියමන සාකච්ඡා කරන්න ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචිත ජාතික තොටිල්ල ග්‍රන්ථයේ අතුළත්   වන මුනිසිරිපා සිඹිමින්නේ යන පද්‍ය මාලාව දේශ්නුරගය දනවන මෙන්ම පුද්ගලයෙකුගේ චරිත සංවර්ධනය සඳහාද උපදෙස් ලබාදෙන පැදි මාලාවකි.මෙහිදී වඩාත් නිර්මාණාත්මක ලෙස අදහස් ඉදිරිපත් කරමින් උපදෙස් ලබාදීමට කවියා කටයුතු කර ඇත. “කරදර දහසක් හමුවේ ඉන්ටැකි නම් සිනා වෙවී නුඹ මෙලොවට පහළ දෙවී රජෙකුයි සලකනු මනවී” ඉහත කවිය හරහා කවියා පැහැදිලි කර්න්නේ කරදර දසහසක් හමුවේ වුවද සිනාවෙවී සිටිය හැකි නම් ඔහු මෙලොවට පහළ වූ දෙවි රජෙකු ලෙස සැලකිය ඃඇකි බවයි.මෙහිදී මහින්ද හිමියන් අදහස් කර තිබෙනුයේ කොතරම් බාධක කම්කටොළු හමුවේ වුවද සතුටින් ඒවාට සාර්ථකව මුහුණ දෙන තනැත්තවුන් දෙවි රජවරුන් තරම් සාර්හ්හක බවයි.එවැනි පුද්ගලයින් හැඳින්වීමට දෙවි රජවරුන් යන පදය යොදා ගැනීම තුළින් පැහැදිලිවන්නේ උන්වහන්සේගේ නිර්මාණාත්මක බවයි.වඩාත් නිර්මාණාත්මක දහස් තුළින් පෞරුෂ සංවර්ධනයට උන්වහන්සේ උපදෙස් ලබාදී ඇත. “ම...

ගුත්තිල කාව්‍යයේ කවියාගේ කවීත්වය

Image
  ගුත්තිල කාව්‍යයේ කවියාගේ කවීත්වය ගුත්තිල කාව්‍යයේ රචකයා වූ වෑත්තෑවේ හිමියන් කෝට්ටේ යුගයේදී රචනා කරන ලද ගුත්තිල කාව්‍ය තුළින් එහිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවීත්වය   මැනැවින් නිරූපණය කවේ. පරිසර සංසිද්ධි හරහා වෙණ වැයුමේ මිහිරි බව ඉස්මතු කළ කවියා විටෙක සරල බස් වහරද වියත් වහරද යොදා ගනිමින් ඉතා රසවත් නිර්මාණයක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති බව පෙනී යයි. “දෙවැනි තුන්වැනි තත සතරවැනි පස්වැනි තත සවැනි සත්වැනි තත මෙසේ සිඳි සඳ මෙ අප බෝසත” ඉහත කවිය හරහා ඉතා සරල ව්‍යවහාර භාෂා භාවිතය තුළින් බෝසතුන් වීණාවේ තත් සිඳි ආකාරය මනාව දක්වයි. එමෙන්ම “දිය දිය ගොස පළැ කරමින් සපැමිණි ගිය ගියය තැන ඉස්වා ‍රන්මුතු මිණි   ගිය ගිය තැන් ඉස්වා රන් මුතු මීණී සිය සිය ගුණයෙන් වෙණැ නද නික්මිණි “ ඉහත කවියට අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ අර්ථ ටරසයට ගැළැපෙන ශබ්ධ රසය මතු කරමින් කාව්‍ය රචනා කිරීමට කවිටයා ගෙන ඇති උත්සාහයයි. වීණා වාදනයේ තාලයට උස් පහත් වන ලයාන්විතව ගලායන වෙණ වැයුමක රිද්මය කවිය හරහා මනාව ඉස්මතුව පෙනේ එමෙන්ම සුරඟන රැඟුම අවස්ථවේ සුරඟනංගේ රංගන විලාශයද අපූරු පද නිර්මාණැයක් හරහ...

හානා හීය පානා අඬහැරෙන් දැනේ

Image
  හානා හීය පානා අඬහැරෙන් දැනේ ජන කවි තුළින් විවිධ රැකියා පිළිබඳව තොරතුරු අනාවරණය වන අතටරම උපදේශාත්මක ජනකවිද නිර්මාණැය වන අතරම උපදේශාත්මක ජනකවිද නිර්මාණය වන්නට විය.උදාහරණ ගෙන හැර පාමින් ස්මාජයට යම්කිසි උපදේශයක් ලබාදීම හරහා යහපත් ජීවිතයක් ගොඩනැඟීම උපදේශාත්මක ජනකවියේ ලක්ශනයකි.මෙහිදී විවිධ කාව්‍යාලංකාර යොදා ගනිමින් ජනකවි නිර්මාණය කර ඇති බව පැහැදිලිව පෙනේ. “ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු බොරල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු තමන්ගේ තරම දැනගෙන කල් අරිනු” ඉහත කවියෙන් දැක්වෙන්නේ පුද්ගලයෙකු ජීවත් වීමේදී තමංගේ තරම අවබෝධ කරගෙන ජීවත් විය යුතු බවයි.මෙහිදී උදාහරණ ගෙනහැර පාන කවියා ඒ හරහා උපදේශයක් සපයයි.මෙහිදී කවියා කියා සිටින්නේ ළිඳ කැපීමේදී ගොඩැල්ලේ තරම දැනගෙන සිටිය යුතු බවයි කඩුල්ල බැඳීමේදී කඩුල්ලේ  තරම ප්‍රමාණය දැනගෙන කද බැඳිය යුත් බවයි උඩ පැනීමේදී බොරැල්ල පිළිබඳ වැටහීමක් තිබිය යුතු බවයි. ඒ අනුව ජීවත් වීමේදී තමා පිළිබඳ නිසි අවබෝධයෙන් ජීවත් විය යුතු බවත් පවසයි.මෙය කාව්‍යාලංකාරයක් වන අතර නිදසුන් සහ සිදුවීම් උපමා කරගනිමින් උපදේශය සපයයි. “ඇස නැති දා පොත ගත්තේ කියන්ටද දත නැති ද...

ගුත්තිල කා‍ව්‍ය විරිත පිළිබඳ සටහනක්...

Image
 ගුත්තිල කා‍ව්‍ය විරිත පිළිබඳ සටහනක්... ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ (ව්‍ය. ව. 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය. ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ. සලාවත ජයපාල මැතිඳුගේ ආරාධනය පිළිගත් වෑත්තෑවේ මහා හිමියෝ කිවියර බසින් මුනිඳු සිරිතක් කියනු පිණිස තෝරාගනු ලැබූයේ පන්සිය පනස් ජාතකයේ දුක නිපාතයේ සිගාල වර්ගයට අයත් වූ 243 වැනි ගුත්තිල ජාතක කථාව යි. ගුත්තිල ජාතක කාව්‍යය යනුවෙන් හඳුන්වනු ලබන මෙම කාව්‍යය සඳහා ගත්කරු වෑත්තෑවේ මහා හිමියන් විසින් තබන ලැබූ විශේෂ නාමයක් නො වී ය. කුස ජාතකය ඇසුරින් දෙවන පැරකුම්බා රජතුමා විසින් රචනා කරනු ලැබූ මහා කාව්‍යය කව්සිළුමිණ යනුවෙන් හැඳින්වී ය. සත්තුභස්ත ජාතකය ඇසුරින් තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් කාව්‍යශේඛරය රචනා කළහ. නමුත් ගුත්තිල කාව්‍යය ඒ නමින් ම හඳුන්වා තිබේ. සලාවත ජයපාල මැතිඳු කෝට්ටේ හයවන පැරකුම්බා රජතුමාගේ අගමැතිවරයා ව සිටි බව සඳහන් ය. එ...
සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel