ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය තුළින් අජීවී පරිසරයට සජීවී බව ආරෝපණය කිරීම
අජීවී පරිසරයට
ආරෝපණය කිරීම
ගඟ යන අජීවී
වස්තුව හරහා එයට සජීවී බවක් ආරෝපණය කරන කවියා ගඟ ආමන්ත්‍රණය කරන ආකාරය දක්වා එනම්
“සැඟවෙන” බවත්”එබෙන” බවත් “පසු නොබසින” බවත්”නොනවතින” බවත් පවසන කවියා ස්‍යුර
නැමැති හිමි හමුවන අවස්ථාවේ තමා සතු බර ඔහුට ලබා දෙන බව පවසයි.මෙය අජීවී ගඟට සජීවී
බවක් ආරෝපණය කිරීමකි.
“සැඟවෙමි
එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත්
පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදි
හෝ මහ මුහුදු හිමි
හමුවුන කෙරෙහි
මා සතු බර ඔහුට දෙමි”
ඉහත අදහස මෙම
කවියෙන් පවසන අතර ජීවිත්ගය පිලිබඳ දර්ශනයක්ද මේ හරහා ඉදිරිපත් කෙරේ ජීවිතය ද
නවතීමක් නැතිව ගලාගෙන යයි.ගඟද එසේ ය. ජීවිතයේ අවසානය මරණයයි.ගඟේ අවසානයද මුහුදට
එක්වීමයි.බාධක හමුවේ ගඟ වේගවත් ය.ජීවිතයද එසේ ය.බාධක හමුවේ මුවහත් වේ. එබැවින් ගඟ
හරහා ඉදිරිපත් කර ඇත්තේ ජීවන දර්ශනයයි.
“එන්නේ කොහි
සිටද කොතැනකටද යන්නේ
ඔබ කුමකටද
මාදුටු තැන විමසන්නේ
මිනිසුන්
ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා
කිසිවෙක් අයි නොසොයන්නේ”
ගඟ සංවාදයක
යෙදෙන ආකාරයට කවිය ගොනු අකාරයට කවියා දක්වන්නේ ගඟ පවසන්නේ තමන් ගැන වගතුග මිනිසුන්
සොයන බවයි.නමුත් ලෝකයේ මිනිසුන් ගේ උපත සහ මරණය පිලළිබඳ කිසිවෙක් නොසොයන
බවයි.ජීවිතයේ සැබෑව මෙයයි.එය ගඟ හරහා ඉස්මතුවන වෙනස් නොවන දහමකි
“හිරිමල් සිනා
රැලි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම
හැපි හැපි බිහි කරමි මම
යනුවෙන් පවසන
කවියා ගඟ තමන්ට හමුවුන බාධක ඉදිරියේ තම්න්ට හිරිමල් සිනාරැලින් නැමැති පෙණ පිඩු
මතුකරන බව පවසයි.අවහිර නැති බිම නීරස බව පවසයි.ජීවිතයද එසේය ජීවිතය සුන්දර වන්නේ
බාධාවන් තුළිනි.බාදා නුදුටු තැන උදාසීනය,මේ අනුව ගඟ තුළින් සජීවී චරිතයක්
ආක්කාරයෙන් සදාථන ධර්මතාවයක් ඉදිරිපත් කරයි.අජීවී ගඟට සජීවී බවක් ආරෝපණය ත්ළින්
ජීවිතය පිළිබඳ අපූරු දර්ශනයක් ඉදිරිපත් කරයි.

