මුනි සිරිපා සිඹිමින්නේ


මුනි සිරිපා සිඹිමින්නේ

චරිත සංවර්ධනයට නිර්මාණාත්මක  අදහස් ඉදිරිපත් කිරීම හමුවේ ප්‍රතිභාපූර්ණ කවියෙකු මෙහිදී අපට හමුවේ. මෙම කියමන සාකච්ඡා කරන්න

ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචිත ජාතික තොටිල්ල ග්‍රන්ථයේ අතුළත්  වන මුනිසිරිපා සිඹිමින්නේ යන පද්‍ය මාලාව දේශ්නුරගය දනවන මෙන්ම පුද්ගලයෙකුගේ චරිත සංවර්ධනය සඳහාද උපදෙස් ලබාදෙන පැදි මාලාවකි.මෙහිදී වඩාත් නිර්මාණාත්මක ලෙස අදහස් ඉදිරිපත් කරමින් උපදෙස් ලබාදීමට කවියා කටයුතු කර ඇත.

“කරදර දහසක් හමුවේ

ඉන්ටැකි නම් සිනා වෙවී

නුඹ මෙලොවට පහළ දෙවී

රජෙකුයි සලකනු මනවී”

ඉහත කවිය හරහා කවියා පැහැදිලි කර්න්නේ කරදර දසහසක් හමුවේ වුවද සිනාවෙවී සිටිය හැකි නම් ඔහු මෙලොවට පහළ වූ දෙවි රජෙකු ලෙස සැලකිය ඃඇකි බවයි.මෙහිදී මහින්ද හිමියන් අදහස් කර තිබෙනුයේ කොතරම් බාධක කම්කටොළු හමුවේ වුවද සතුටින් ඒවාට සාර්ථකව මුහුණ දෙන තනැත්තවුන් දෙවි රජවරුන් තරම් සාර්හ්හක බවයි.එවැනි පුද්ගලයින් හැඳින්වීමට දෙවි රජවරුන් යන පදය යොදා ගැනීම තුළින් පැහැදිලිවන්නේ උන්වහන්සේගේ නිර්මාණාත්මක බවයි.වඩාත් නිර්මාණාත්මක දහස් තුළින් පෞරුෂ සංවර්ධනයට උන්වහන්සේ උපදෙස් ලබාදී ඇත.

“මිතුරු කමින් පෙරට් එතොත්

දුහුවිල්ලත් එක්ක වුවත්

මිතුරු වෙයන් පුතේ නුඹත්

එයයි ලොවේ ගුණය මහත්”

වර්තමාන සමාජයේ පුද්ගාලයින්ට මිතුරන් තෝරා ගැනීම පිළිබඳ වදගත් උපදෙශයක් මෙහිදී මහින්ද හිමියෝ කාව්‍යට මුසු කර ඇති බව මෙම කවිය හරහා පෙනී යයි.තමා වෙත එන දුහුවිල්ලක් පමණ වූ දෙයක් සමඟ වුවද මිතුරු වීමවෙනත් අරමුණු ස්ඳහා තමා වෙත පුඩ්ද්ගලයින් සමග මිතුරු වීමට වඩා වටින/යහපත් බවයි.එලෙස මිත්‍රත්වයෙන් තමා වෙත එන පුද්ගලයින් හැදින්වීමට දුහුවිල්ල යොදා ගැනීම තුළින් කවියාගේ නිර්මාණාත්මක හැකියාව මනාව ප්‍රකාශ වන අතරම පුද්ගලයෙකුගේ චරිත සංවර්ධනය සඳහා මන වූ උපදේශයක් සපයයි.

 

“සිනිදු මොලොක් බව මලෙහී

පිරිසිදු බව පිනි බිඳෙහී

එක් වී මා පුතුගෙ ලෙහී

අරක් ගතී සැම දිනෙහී”

එමෙන්ම පුද්ගලයෙකුගේ චරිතය නිසි පරිදි හැඩ ගස්වා ගැනීමේදී සමාජයේ අශ්‍රයට යාමේදී දැඩිසිත් ඇත්තෙකු නොවී මුදු මොළොක් ගති ඇත්තෙකු විය යුතුය.මහින්ද හිමියන් එය මලක සිනිඳු මොළොක් ගතිය ලෙසද පිරිසිදු මිනිසෙක් ලෙස ජීවත් වීම පිනිබිඳුවක පිරිසිදු බවටද රූපකාර්ථවත්වත් භාෂාවක් හරහා මනාව පැහැදිලි කර ඇත.එය වඩාත් නිර්මාණාත්මක අදහසකි.

ඒ අනුව සමස්ථයක් ලෙස ගත්විට පැහැදිලිවනුයේ පුද්ගල චරිත සංවර්ධනය සඳහා වඩාත් නිර්මාණාත්මක අදහස් තුළින් උපදෙස් ලබා දීමට සමත් වී ඇති බවයි.


සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel