ගංගාවේ සංගීතය හාෂා භාවිතය

 

ගංගාවේ සංගීතය හාෂා භාවිතය

එච්.එම් කුඩලිගම කවියා විසින් රචිත ගංගාවේ සංගීතය පද්‍ය නිර්මාණය හරහා ජීවිතය පිළිබඳ යථාර්ත ධර්මතාවයක් ඉදිරිපත් වේ. මෙහි කවියා යොදාගන්නා භාෂාව ඉතා රසවත් ය.විශේෂයන්ම රූපකාර්ථවත් භාෂාවක් යොදා ගන්නා අතර අනුප්‍රාස සංකල්ප රූප  වලින් පෝෂණය වූ භාෂාවක් කවියා යොදා ගනියි.

“සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි

ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි

කවදා කොතැනකදි හෝ මහ මුගහුදු හිමි

හමුවුන කෙරෙහි මාසතු බර ඔහුට දෙමි”

ඉහත කවිය හරහා ගඟට උත්තම පුරුෂ දෘශ්ටි කෝනයක් ආරෝපණය කොට ගඟ ආමන්ත්‍රණය කරන ආකාරය “මි” අක්ෂරයෙන් අනුප්‍රාසවත් කොට ඉදිරිපත් කරයි.

මීට අමතරව රූපකාර්ථවත් පද භාවිතයක් හරහා  මහ මුහුද සැමියෙකු ආකාරයට දකියි.ගංඟා විවිධය.මහ මුහුද නැමැති සැමියා හමුවුණ විට තමා සතු බර ඔහුට දෙන බව ගඟ පවසයි.

“හිරිමල් සිනා රැලි පෙණපිඬු මිහිරිතම

ගල්පර වලම හැපි හැපි බිහි කරමි මම

සම තැනිතලාවල හමුවෙයි අලසකම

නිරසයි අතර මග අවහිර නොදුටු බිම”

ඉහත කවිය හරහා කවියා ඉදිරිපත් කරන්නේ ගඟ පිලිබඳ රූපකාර්ථවත් බස් වහරක් ආශ්‍රයෙන් ගොඩ නගා ගත් අදහසකි.එනම් ගඟෙහි ස්වභාවය තුළින් ජීවිතයේ ඇත්ත ඉදිරිපත් කිරීමයි.ගඟ පෙණ පිඩුවලින් යුක්ත ය. මෙමපෙණපිඩු කවියා දකින්නේ හිරිමල් යෞවනියකගේ සිනාවක් සේය.එය රූපකාර්ථවත් ය.සම තැනිතලාවල්දී ගඟ අලස ය. ජීවිතය ද එසේය.

“රන්තරු පිරිවරාගත් සඳ මඩල යට

මහ වනබිමක් මැද ගිරිකුළු අතර සිට

නොමියෙන හේලි දහමක පණිවිඩය පිට

කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට”

ඉහත කවිය හරහා සංකල්ප රූප මවන භාෂාවක් ඉදිරිපත් කරන කවියා මහවන මැද ගිරිහෙල් අතරින් ගලා බසිනා ගංගාවක දර්ශනය නිර්මානය කරයි.ජීවිතයද එසේ සුන්දර ය.නමුත් එකී ජීවිතය පිලිබඳ පණිවිඩයක් ගඟ හරහා ව්‍ය්ංගර්ථයෙන් ඉදිරිපත් කරන ආකාරය පැහැදිලිව පෙනේ.

ඉහත නිදසුන් අනුව පැහැදිලි වන්නේ ජීවිතය පොඉළිබඳ ගැඹුරු දර්ශනයක් ගඟ හරහා ඉදිරිපත් කරන බවයි.


සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel