හංස සංදේශයෙන් ඉස්මතුවන සොඳුරු පරිසරයක අසිරිය
වීදාගම මෛත්‍රී හිමියන්ගේ හංස සංදේශය කෝට්ටේඒ යුගයේ රචිත වැදගත් සංදේශයකි.මෙහිදී රජ්‍ය පාලනය කල 6 වැනි පරාක්‍රමබාහු රජ දවස සංදේශ සාහිත්‍යයේ දියුණුවක් ඇති බව කැපී පෙනේ.මෙම සංදේශය හරහා කෑරගල විහාරස්ථානයේ වැඩ වාසය කරන වනරතන හිමියන්ට ආයාචනා කර සිටින්නේ සමන්,විභීෂණ,උපුල්වන් හා කඳකුමරු යන දෙවිවරුන්ට පිරිත් කියා පින් පමුණුවන ලෙසත් එමගින් පරාක්‍රමබහු රජතුමාට රාජ්‍ය පාලනයට සෙත සලසවන ලෙසයි.
මෙම අස්න
රැගෙන යන හංසයා දකින සුන්දර පරිසරයේ අසිරිය මෙම පාඩමෙන් ඉස්මතු කොට දක්වයි.
“සාර පලය අඹ
දඹ රඹ ද වල් පිට
මීර ජලය ඇළ
දොළ කඳු පිටින් බට
නෑර ලොලය වඩවන
දුටු දනන් හට
කෑරගලය
වැජඹෙයි මේ ලෙසින් සිට”
ඉහත පණිවිඩය
රැගෙන යන හංසයා දකින්නේ සොඳුරු දසුනකි.සශ්‍රීකත්වයෙන් සහ සෞභාග්‍යයෙන් පිරි කෑරගල
ප්‍රදේශය සොඳුරු පරිසරයකි.එනම් සාරවත් ඵල වලින් බරවූ අඹ දඹ ආදී වූ පලතුරු වලින්
අනූන ඇළ දොළ ආදී වූ සිසිලකින් පිරුණු කෑරගල දකින හංසයා තුළ මැවෙන්නේ සොඳුරු
පරිසරයක චිත්‍රයකි.එබැවින් කවියා විස්තර කරන්නේ ඉතා ඉතා රසවත් ලෙසයි.
“පැසෙයි නිබඳ
සුවඳැක් කෙත්වත් අවට
ඇසෙයි ළමා
වසුපැටියන් හඬ දෙවට
දිසෙයි වෙහෙර
එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා
රසාමය ඒ පියස දුට”
නිරන්තරයෙන්
සුවඳැල් කෙත්වලින් සරුවූ සශ්‍රීක පරිසරයකි.වසුපැටියන්ගේ හඬ ඈතට ඇසේ.සුර විමනක් ලෙස
දිස්වන්නේඑ වෙහෙර ය.එම පරිසරය දකින සිංහයා තුළැ ඇතිවන්නේ අමා රසයකි.ඉපැරණි වූ සශ්‍රීකත්වයෙන්
හා සෞභාග්‍යයෙන් පිරිපුන් චමත්කාරජනක වටපිටාව කාගේත් සිත් ඇඳ බැඳ ගනියි.කවියා ඉතා
රසවත්ව වර්ණනා කරන්නේ මෙම පරිසරයි.
‘නිබඳ පැසී පළ
ලඹ දෙන මිහිරඹය
සුවඳ විහිද
සිටි විලිකුන් කැන් රඹය
නොමඳ තැනි තැන
වළුබර වනරඹය
එමැද වෙහෙර
දිලි දුරලන සසර බය”
නිරන්තරයෙන්
පැසී පලබරවූ අඹ ය.සුවඳ විහිදෙන්නා වූ ඉදුණු කෙසෙල් වලින් අඩුවක් නැත.තැනි තැනවලුබර
වූ වල් කෙසෙල් ය.ඒ මද්‍යයේ විහාරය දක්නට ලැබෙන බව කවියා විස්තර කරයි.ඉතා සොඳුරු
ඉපැරණි ගමක පරිසරයමද්‍යයේ පිහිටි විහාරය අපූර්ව දසුනකි.
“කුළින් කුළම
සිහිළඹැ වෑහෙන කඳුරුය
දොළින් දොළම
කල් යල් කරන කුඹුරුය
පළින් පළම තල්
පොල් ගෙවතු මැදුරු ය
තළින් තළම
පුල් පියුමු පඇළ් පඬුරු ය”
චමත්කාරජනක
පරිසරයක් පිළිබඳ දිගින් දිගටම වර්ණනා කරන කවියා තවත් අවස්ථාවක කන්දෙන් කන්දට සිසිල
දෙමින් ඇද හැලෙන්නා වූ දොළ පාරවල් ඇති බවද ඒ මගින් නිසි කන්නයට සශ්‍රීක වන්නා වූ
කෙත් වතු ද තැනින් තැන තල් පොල් ආදී වූ ගෙවතු ද තැනින් තැන පිපුණා වූ මල් වලින් බර
වූ පොකුණු වලින් අනූන පරිසරයක චමත්කාරය කවියා අපූරු ආකාරයට විස්තර කරයි.
ඉහත ලක්ෂණ
අනුව පෙනී යන්නේ කෑරගල ගම් පියස ඉපැරණි ගමක අසිරිය කියාපන අතර විචිත්‍ර පරිසර
වර්ණනා හරහා කවියා චමත්කරජනක කෑරගල ගම්පියසෙහි අසිරිය සහෘ දයා තුළ ජනිත කිරීමට උත්සාහා දරා ඇති බවයි.