සැළලිහිණි සංදේශයේ ස්වභාව සෞන්දර්‍ය වර්ණනා
සැළලිහිණි සංදේශයේ ස්වභාව සෞන්දර්‍ය වර්ණනා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වයි.මෙහිදී විවිධ
කාව්‍ය උපක්‍රමද යොදාගන්නා අතර චමත්කාරජනක වන පියසෙහි අසිරිය ගෙන හැර පායි.
“වලඳින
අදහසින් මෙන් සුර ගඟ අඟන
නලබල සසල දල
රළ පෙල නුඹ නැගෙන
වෙලළස ගැවසි
මුතු සක් පබළු බබළන
බල මහ මුහුද
එම සඳැ උතුරින් පෙනෙන”
ඉහත කවිය හරහා
මුහුදු වෙරළෙහි අසිරිය කවියා රසවත්ව වර්ණනා කරන අතර අහස කාන්තාවක් සේ දකියි.අහසට
නගින රළ පෙළ කවියා දකින්නේ අහස් ගඟ නැමැති කාන්තාව වැළඳගන්නට සූදානම් වන්නාසේ
ය.රූපකාර්ථවත් සේම උපමා අශ්‍රයෙන්
සිදුවීම් විස්තර කරන කවියා විවිධ කාව්‍යෝක්ති යොදා ගෙන ඇති ආකාරය
මීට අමතරව වන
පියසෙහි අසිරිය ඉතාමත් ම ආකර්ෂණීය ලෙස කවියා විස්තර කරයි.
“අග පිපි මල්
මලිගිය ලිය කෙලේ යා
වග බැඳැගෙන
රජහස පුල් විලේයා
පිපී ඇති ඉද්ද
මල් කැලෑවකි.රජහංසයන් පිරුණාවූ මල් සහිත වූ පොකුණු වල ගැවසෙමින් සිටී.මල්ගස් අසල
රොන් ගැවසුනාවූ මල් විසිරී ඇත.කවියා සැළලිහිණියාට පවසන්නේ එවන් වූ සුන්දර දසුන්
දකිමින් සුදුවැලි සහිත මගබැස යන ලෙසයි.මෙවන් වූ සොඳුරු පරිසරයක අසිරිය මෙම තිය තුළ
රසවත්ව වර්ණනා කරයි
“නිමල් සඳ
පහන් වැනි වැලි පිට උදුල
සුපුල් මල්
යහන් ලිය මඬු ලියගෙපළ
එකල් කෙළෙන වන
දෙව් ලිය දැක කොමළ
ළසල් රුකෙක
සතපව් ළපළු සිහිලෙළැ
නිර්මල වූ සඳ
එළිය මෙන් බබළන්නා වූ වැලි තලාව මත අලංකාරව
පිපුණා වූ මල් යහන් සහ ලතා මණ්ඩපයන්ද මලින් අලංකාරවත් වූ වනපියසෙහි ක්‍රීඩා කරන්නා
වූ කොමල දෙවඟනන් දෙස බලා ළා දළු ශිත සල් රුකෙක සැතපෙන ලෙස දැනුම් දෙයි.තොටගමුවේ ශ්‍රී
රාහුල හිමි සෑම අවස්ථාවකම ස්වභාවෝක්තියට වැඩි ඉඩක් ලබා දෙයි.මේ තුළද ඒ බව මනාව
තහවුරු වේ.
මීට අමතරව
විවිධ සමාජ ආර්ථික තොරතුරුද කවියා ඉස්මතුකර දක්වන අතර ඒ තුළ එවකට පැවති බොහෝ
තොරතුරු අණාවරනය වේ.
“අයිරාවණ
වුවත් නවතන රිසින් එන
අයිරා දහස් දිලි
දුනුකොන් සිපත් දෙන
කයිකාවලයෙහි
දැකසෙබළුන් රැකැ සිටින
වයියා කරන්
මල්තුරුවන ගණ හිසින”
එවකට පැවැති
ආරක්ෂක විධි විධාන මනාව විස්තර කොට තිබීමද එසමයෙහි සෙබළුන් සතුව පැවති බලය ගෙනහැර
දක්වන කවියක් සේ ඉහත කවිය දැක්විය හැකිය.අයිරාවණ වුවත් නැවතී,ඒ ශක්තියක් ඇති විවිධ
ආයුධ රැගත් කයිකාවල ප්‍රදේශයේ රැඳීසිටින සෙබළුන් පිළිබඳව කවියා විස්තර කරන්නේ
සමාජයේ පැවති විවිධ පැතිකඩවල් අණාවරණය කෙරේ.