හානා හීය පානා අඬහැරෙන් දැනේ

 හානා හීය පානා අඬහැරෙන් දැනේ


ජන කවි තුළින් විවිධ රැකියා පිළිබඳව තොරතුරු අනාවරණය වන අතටරම උපදේශාත්මක ජනකවිද නිර්මාණැය වන අතරම උපදේශාත්මක ජනකවිද නිර්මාණය වන්නට විය.උදාහරණ ගෙන හැර පාමින් ස්මාජයට යම්කිසි උපදේශයක් ලබාදීම හරහා යහපත් ජීවිතයක් ගොඩනැඟීම උපදේශාත්මක ජනකවියේ ලක්ශනයකි.මෙහිදී විවිධ කාව්‍යාලංකාර යොදා ගනිමින් ජනකවි නිර්මාණය කර ඇති බව පැහැදිලිව පෙනේ.

“ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු

බොරල්ලේ තරම දැනගෙන උඩ පනිනු

කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු

තමන්ගේ තරම දැනගෙන කල් අරිනු”

ඉහත කවියෙන් දැක්වෙන්නේ පුද්ගලයෙකු ජීවත් වීමේදී තමංගේ තරම අවබෝධ කරගෙන ජීවත් විය යුතු බවයි.මෙහිදී උදාහරණ ගෙනහැර පාන කවියා ඒ හරහා උපදේශයක් සපයයි.මෙහිදී කවියා කියා සිටින්නේ ළිඳ කැපීමේදී ගොඩැල්ලේ තරම දැනගෙන සිටිය යුතු බවයි කඩුල්ල බැඳීමේදී කඩුල්ලේ  තරම ප්‍රමාණය දැනගෙන කද බැඳිය යුත් බවයි උඩ පැනීමේදී බොරැල්ල පිළිබඳ වැටහීමක් තිබිය යුතු බවයි. ඒ අනුව ජීවත් වීමේදී තමා පිළිබඳ නිසි අවබෝධයෙන් ජීවත් විය යුතු බවත් පවසයි.මෙය කාව්‍යාලංකාරයක් වන අතර නිදසුන් සහ සිදුවීම් උපමා කරගනිමින් උපදේශය සපයයි.

“ඇස නැති දා පොත ගත්තේ කියන්ටද

දත නැති දා උක්දඬ්‍යඋ ගිනි තපින්ටද

වෙර නති දා ගහගත්තේ දිනන්ටද

යුද ඇති දා නැති කග කොස් කොටන්නද”

ඉහත නිදසුන ඔස්සේද සමාජයේ සිදුවීම් උපමා කර ගනිමින් උපදේශයක් සැපයීම සිදු කර ඇත.ඇස් නොපෙන්නේනම් පොත් කියවිය නොහැකිය. දත් නැත්තම් උක්දඬු සැපිය නොහැකි අතර ගිනිතැපීමටදැයි කවියා විමසයි.ශක්තිය නැති දා ගහගන්නේ දිනන්නටදැයි විමසන කවියා යුද්ධයට නැති කඩුව කොස් කොටන්නටදැයි විමසයි.මේ අනුව නිෂ්ප්‍රයෝජන කටයුතුවළ හරයක් නොමැති වග පසක් කරදෙයි.උපමා භාවිතයෙන් උපදෙස් දෙන ජනකවියා “ගිනි තපින්ට” යන ගැමිවහර කවිය සඳහා යොදා ගනී.

ප්‍රශ්න වැලක් විමසන අයුරින්  කාව්‍ය නිර්මාණයද කවියට අලංකාරයක් එක් කරයි.

 

“අඳුරු කරුවලේ පඳුරට මුවාවෙලා

විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා

අනුන් ලියන් දැක තම ලියට තල තලා

දුවන මුවන් දැක් නොදමන් නෙළූ පලා”

ඉහත කවිය හරහාද සමාජයට උපදේශයක් සපයන ජනකවියා සිද්ධි මාලාවක් ගෙනහැර දක්වයි.එනම් ඈත දකින විදුලි එලියක් දැක තමා අත ඇති ගිනිහුළ දියෙහි හෙළීම අනුවණ කමකි.එමෙන්ම ඈත දකින මුවන් දක තමා අත ඇති පලා මිටිය ඉවත හෙලීමද අනුවණකමකි.මේ හරහා ජනකවියා දෙන උපදේශය වන්නේ තමාට දුරස් බොහෝ දේ නිසා තමා අසල ඇති සමහර දේ අහිමි කර ගැනීම මිනිසා සතු දුර්වලතාවයක් බවයි.

ඒ අනුව උදාහරණැ ගෙන හැර පාමින් උපදේශ ලබා දීමට ජනකවියා සතු හැකියාව මෙම පද්‍ය පන්තිය හරහා අනාවරණය වේ.

 

 


සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel