උග්ගසේන කථා වස්තුවෙන් හෙළිවන හාස්‍ය හා උපහාසය
සද්ධර්ම රත්නාවලියෙහි එන උග්ගසේන කථ වස්තුවේ හාස්‍ය හා උපහාසය දනවමින් දුබලතා සහිත චරිත ඉස්මතුකොට දැක්වීම ධර්මසේන හිමියන් සිදු කරනු ලබයි.
“ආස සිට නටන ඒ
විද්දත් දියණියගේ භාව භාව ලීලා දැක වයෝවෘ ද්ධිත්
විකාර රූපකලාපයක් යැයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ පෙම ඇතිව”
උග්ගසේන
සිටුපුත්‍රයා විද්දත් දියණියගේ භාව ලීලා දැක කතුවරයා හෙලන්නේද උපහාසාත්මක ෂ්ඨියකි.
“ලදොත් ජීවත්
වෙමි. නොලදොත් මියෙමි”
වශයෙන් ප්‍රකාශ
කරන උග්ගසේන කෙරෙන් ඉස්මතු වන්නේ හැඟීම් වලට වහල් වූ චරිත ස්වභ්හවයකි.කාන්තාවක
අහිමිවීම ජීවිතය නැතිකර ගැනීමට හේතුකරගන්නා දුර්වල චරිතයක් සේ කතුවරයා නගන්නේ
උපහාසයකි.එපමණක් නොව විද්දත් දියණිය සිය දරුවන් නැළවීමේදි යොදා ගන්නා වාග් ප්‍රහාර
තුළින්ද මනාව උපහාසය ජනනය කරයි.
“ගැල්
ර්ක්නවුගේ පුත බර උසුලවන්න්වුගේ පුතැ කුමකුත් නොදත්තවුගේ පුත”
ඈ ඔහුට
අමතන්නේ උපහාසයෙනි.”කුමකුත් නොදත්තවුගේ පුත”
යන්නෙන් එය
මනාව පැහැදිලි වේ.මේ අනුව කතුවරයා සිය තුය තුළින් විවිධ චරිත උපහාසයට ලක් කරන බව
පෙනේ.
මීට අමතරව
තවත් අවස්ථාක විද්දත් දියණිය තමාට පරිහව කරද්දී සිටු පුත්‍රයා
“තොප නිසා
විද්දත් වූවා මදිත් නපුරුත් ඇසුව මනාද?”
“මේ හැම මා
අරභයා කියවුහුද”
වශයෙන්
විමසයි.
ඉහත කොටස තුළ
සිටු පුත්‍රයා තමාගේ භාර්‍යාව ඉදිරියේ ඉතා පහත් තත්වයට ඇද වැටේ.එහිදී ඇය නිසා ඔහු
විද්දත් කුලයට ඇතුළු වූ බවත් එසේ තිබියදිත් ඔහුට අපහාස කරන්නේ මන්දැයි ඔහු
විමසයි.ඔහු ගන්නා තීරණය වන්නේඇයගේ සිත දිනාගත යුතු නම් විද්දත් ශිල්පය ඉගෙන ගත
යුතු බවයි.
“මෙතනට සත්වන
දවස් මම ශිල්ප දක්මී”
වශයෙන්
සිටුපුත්‍රයා වුවද කාන්තාවකට මුලාවී නාටක ශිල්පය ඉගෙන ගැනීමට උත්සාහා කරන්නේ
හැඟීම්වලට ව්හල් වී සිය අභිමානය නැති කරගනිමිනි.
ඉහත ලක්ෂණ
අනුව පෙනී යන්නේ උග්ගසේබන සිටු පුත්‍රයා හැසිරෙන ආකාරය ඉස්මතු කරමින් ඔහුගේ දුබලතා
ගෙන හැර පාමින් ධර්මසේන හිමි එකී දුබලතා උපහාසයට ලක් කර ඇති බවයි.