දියමන්ති මාලය

 

ගීද මෝපසාං දියමන්ති මාලය කෙටිකථාව තුළ කේන්ද්‍රීය චරිතය වන්නේ මැටිල්ගේඩාගේ චරිතයයි.මැටිල්ඩාගේ සිතුවිලි ක්‍රියා කරනා ආකාරය විග්‍රහ කරන කෙටිකථාකරු සාමාන්‍ය කාන්තාවක් සතුව පවතින මනෝභාවයන් මැටිල්ඩා හරහ ඉස්මතු කරයි.

“හැඩ වැඩ ඇතිව ඇඳීමට පැළඳීමට හැකිකමක් නොතිබුනු හෙයින් ඈ චාම්ව ඇන්දා ය.චාම්ව පැළන්දාය.අනෙක් රුචි අරුචිකම් බැරිකම හේතුකොටගෙන ඈ සරල අන්දමින් පවත්වා ගත්තාය.”

කෙටිකථාකරුවා හඳුන්වාදෙන මැටිල්ඩාගේ චරිතය සජීවී චරිතයකි.මැටිල්ඩා යනු සැබෑ ලෝකයේ ගැහැණියකි.ඈ සිතන පතන ආකාරය සජීවී ය.බොහෝ කාන්තාවන් චාම්ව ජීවත්වන්නේ නැතිබැරිකම හේතුකොටගෙන වන අතර ඒ අයුරින් මැටිල්ඩාගේ ච්‍රිතය සජීවීව ඉදිරිපත් කරයි.

මීට අමතරව කෙටිකථාව තුළ මැටිල්ඩා හරහා තවත් සජීවී අව්ස්ථාවක් නිර්මාණය කරයි.

“දිරා ගිය පුටුවලින් හා අවලස්සන දොරජනෙල් රෙදිවලින් බලවත්සේ සිත් තැවුලට පත් ඈ මනස්තාපයෙනුත් කලය ගත කලාය.”

ඉහත නිදසුන අනුව මැටිල්ඩා සැබෑ ගැහැණියක් බව කෙටිකතාකරුවා තහවුරු කරයි.සමන්‍ය කන්තාවකගේ චරිතය මෙම ආවේණික ගතිලක්ෂන ඔස්සේ ඉස්මතු කර කාන්තාව සජීවීව ඉස්මතු කරයි.

තවත් අවස්ථාවක සජීවී චරිත නිරූපණයක යෙදෙන කෙටිකථාකරු ලොයිසල් මහත්මයාගේ චරිතය හරහා උපේක්ශා සහගත සැමියෙක්ගේ සැබෑ මුහුණුවර අණාවරනය කරයි.ආරාධනා පත්‍ර්‍යක් රැගෙන නිවසට පැමිණෙන ඔහු එය සිය බිරිඳ අත තබන්නේ ඈඅ සතුටු කිරීමේ අදහසිනි.නමුත් එය පසෙකට විසිකරන ඇය

“ඕකෙන් මට මොකක් කරන්නෙයි කියලද කියන්නේ”

වශයෙන් විමසයි.

“ඇයි අනේ මම හිතුවා ඔයා ඕකට සතුටුවෙයි කියලා.ඔයා කවදාකවත් ගමනක් බිමනක් යන්නේ නැහැනේ...ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්.”

ලෙසට ප්‍රකාශ කරන සැමියා කෙරෙහි සානුකම්පිත දෘ ශ්ඨියකින් හෙළන කතාකරු සජීවී අවස්ථා නිරූපණයක් කරයි.

මීට මතරව මැටිල්ඩා ගැන බොහෝ සොයා බලන ලොයිසල් මහතා යහපත් සැමියෙකු බව කෙටිකථාව තුළින් අණාවරනය වේ.

ග්‍රිෂ්ම සමයේදී වටවුන් වෙඩිතැබීම සඳහා ඉතිරිකරගත් ෆ්‍රැන්කු 400 ක මුදලක් බිරිඳ්ගේ අශාවන් වෙනුවෙන් කැපකිරීමට ඔහු ඉදිරිපත් වන්නේ ඔහුගේ යහපත් ගති ලක්ෂන ඉස්මතුකරමිනි.

“හොඳයි මම ඔයාට දෙන්නම් ෆ්‍රැන්කු 400 ක්.ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහා කරලා බලන්න”

ඒ අනුව ලොයිසල් සතු යහපත් ගතිලක්ෂන කෙටිකථා කරු ඉස්මතු කරයි.

මීට අමතරව මැටිල්ඩාගේ හැසිරිම ඉදිරියේ ඇගේ අතෘප්තිකර බව ඉදිරියේ උපේක්ෂාවෙන් සියල්ල විඳදරා ගන්නා ඔහු බිරිඳ කෙරෙහි දැඩි කැපවීමෙන් කටයුතුකරන සැමියෙකි.ඇයට පැළඳීමට යමක් නැති බව පවසා උත්සවය මඟ හැරීමට උත්සහා කරන අවස්ථාවේ

“අවුරුද්දේ මේ කාලේ මල් ඇඳීම තමා අලුත්ම පන්නය”

ඇගේ මනස තෘතිමත් කිරීම්ට ඔහු විවිධ උත්සාහ දරයි.

“නෑ පොහොසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න තරම ලැජ්ජ නැති වැඩක් නෑ’

වශයෙන් පවසයි.පවුල් පරිසරයක මෙවැනි අවස්ථා ඇතිවිය හැකි අතර මෙය ඊට උචිත අවස්ථා නිරූපණයකි.අවස්ථා නිරූපණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී තවත් එක් අව්ස්ථාවක් සේ මැටිල්ඩා ට ෆොරොස්ටියර් මහත්මිය හමුවූ අවස්ථාවක

“අනේ මගේ අසරණ මැටිල්ඩා ඔයා කොච්චර වෙනස් වෙලාද”

“ඔව්...එදා ඔයව හම්බවෙලා කතාබස්කරලා ගිය් දවසේ ඉඳන් ද්වතුරු මම් වින්ද කරදර හිරිහැර අනන්තයි.”

වශයෙන් එකී අව්ස්ථාව සජීවීව නිරූපණය කරන කෙටිකථාකරු අත්දැකීම් ප්‍රකාශ කිරීමසඳහා මෙම සිද්ධි ඉදිරිපත් කරන අතර කලකට පසු හමු වූ මිතුරියන් දෙදෙනෙකු අහර තාත්වික නිරූපණයක් සිදු කරයි.



 

සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel