අමාවතුරේ භාෂා ශෛලිය
ඉතාමත් රසවත් නිර්මාණයක් වන බුදුරජාණන් වහන්සේ ගේ පුරිසධම්ම සාරථී ගුණය විස්තර කෙරෙන අමාවෙඅතුර ග්‍රන්ථය පොළොන්නරු යුගයේදී ගුරුළුගෝමීන් විසින් රචනා කරන ලදි.මෙහි හත්වැනි පරිච්ඡේදයෙහි එන අඟුල්මල් දමනය කථා පුවත මනාවූ භාෂා උපක්‍රම සංයෝගයකින් රසවත්ව ඉදිරිපත් කිරීමට සමත් වී ඇත
මෙහිදී අනුප්‍රාසවත්
පද භාවිතයක් හරහා කතුවරයා විසින් මනා වූ අවස්ථා නිරූපණයක යෙදෙයි.
“මිනිසුන් මර
මරා ඇඟිලි විදැ මාලා කොටැ දරයි.”
මෙහිදී “මර
මරා” යන පදය අනුප්‍රාසවත් කර තිබීම හරහා කතුවරයා අංඟුලිමාල නොනවත්වා එක දිගට සිදු
කරන ත්‍රාසජනක ක්‍රියාවන් සජීවී ලෙස
ඉස්මතු කර ඇත.එපමණක් නොව ඒ හරහා කියවන්නා තුළ උද්වේගයක් ජනිත කිරීමට ද
කතුවරයා උත්සාහ දරා ඇත.
අමාවතුරෙහි එන
තවත් භාෂා ලක්ෂණයක් වන්නේ උපමා භාවිතය ලෙස හඳුනා ගත හැක.
“මහපොළොව නැගි
නැගී බස්නා රළ සෙයින්”
මෙහිදී ද
අවස්ථවට උචිත උපමා භාවිතයක් භරහා බුදුරජාණන් වහන්සේගේ අධිසෂ් ඨානය ක්‍රියාත්මක වන
ආකාරය ඉස්මතු කර දක්වා ඇත.අංඟුලිමාල බුදුන්වහන්සේ ලුහුබැද යාමට දරන උත්සාහය
නිරර්ථක වන ආකාරය නිවැරදිව පාඨකයාට වඩාත් රසවින්දනාත්මකව ඉදිරිපත් කිරීමට කතුවරයා
උත්සාහා දරා ඇත.
එමෙන්ම
කෙටිවැකි භාවිතයක් හරහා අදහස වඩාත් පැහැදිලිව හා සරලව ඉදිරිපත් කිරීමද අමාවතුරේ
දැකිය හැකි තවත් ලක්ෂණය කි.
“මහණැ එ මඟට
නොයැ.එමඟ අඟුල් මල් නම් සොරෙකි”
මෙහිදී බුදුන්
වහන්සේ අංඟුලිමාලට පිහිට වීමට වැඩම කරනා අවස්ථාවේදී රැස්ව සිටි ජනතාව කරන ඉල්ලීමත් එයට හේතුවත් එකම
වාක්‍යක සංක්ශිප්ත කර දක්වා ඇත.
අමාවතුරේ
දැකිය හැකි තවත් එක් සුවිශේෂී
ලක්ශණයක් වන්නෙ සංකල්ප්[අ රූප මවන භාෂාවක් යොදාඝැනීමයි.
“යම් කවර දිශා භාගයෙකින් දමා ලූ දඬු පහණ හකුරු අවුත් මහතෙරුන්මැ වැරැහෙයි.ඔහු මහසම් බිඳී ඇට
දක්වා බුන් ලේ වගුරුවමින් බුන් පා ඇතිවැ හිනැ හිරුණු සිවුරු ඇතිවැ බුදුන් කරා
ගියායැ.”
මෙහිදී ද
අංඟුලිමාල තෙරුන් වහන්සේ හට මිනිසුන් එල්ල කළ පීඩාකාරී ක්‍රියා පිළිවෙත සංකල්ප රූප
මවන භාෂාවක් හරහා මනාව දක්වා ඇත.
පාඨකයාගේ සිත
තුළ මැවෙන රූපමය සංකලනය තුළින් අර්ථය වඩාත් රසවින්දනාත්මකව ගෙනහැර පෑමට කතුවරයා
සමත් වී ඇති බව පෙනී යයි
.