අමවතුරේ අවස්ථා හා සිද්ධි නිරූපණය
අමාවතුරේ සුවිශේෂී ලක්ෂනයක් වන්නෙ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා දක්වන දක්ෂතාවයයි.සිද්ධි නිරූපණයේදී කතුවරයා කෙටි වැකි භාවිතය තුළින් මෙන්ම විවිධ භාෂා උපක්‍රම හරහා අවස්ථාඅව ඉතා ආකර්ශණීය ලෙස විස්තර කරයි
එක් අවස්ථාවක කතුවරයා මෙසේ දක්වෙයි
‘අනෙක් වටැ අනෙක් රසැ ඇත්තෝ ආහ.අනෙක් වටැ අනෙක් රසැ ඇත්තෝ ආහ.තුන් රසමැ ඇත්තෝ අවුදු මෙසේමැ කියා.”
ගුරුවරයා බිඳවීම සඳහා සමවයස් කණ්ඩායම් ක්‍රියා කළ ආකාරය මනා අවස්ථා නිරූපණයෙන් කතුවරයා දක්වන්නේ සජීවී ආකාරයට ය.විශේෂයෙන්ම කෙටි වැකි වලින් යුතු බස් වහරක් යොදා ගනිමින් සංකල්ප රූප මවන අවස්ථාවක් නිර්මාණැය කරයි.
මීට අමතරව කතුවරයා බුදුන්වහන්සේ අංඟුලිමාල දමනය සඳහා වඩින අවස්තාවේ අංඟුලිමාලගේ ස්වරූපය මනාව නිරූපණය කරයි.
“සොර ක්ලාන්ත වියැ මියෙහි කෙළැ සිඳී ගියේ යැ ශරීරයෙන් ස්වේද බස්සී”
ඉහත කොටස හරහාද කතුවරයා ඉදිරිපත් කරන්නේ අපූරු අවස්ථාවකි. මෙහිදී ද අංඟුලිමාලගේ ස්වරූපය අපූරු චිත්ත රූපයක් හරහා ඉස්මතු කරයි.එනම් ක්ලාන්ත වී මුවෙහි කෙළැ සිඳී ශරීරයෙන් දහඩිය ගලන ආකාඅරය අපූර්ව ආකාරයෙන් ඉස්මතු කර දක්වයි.
එමෙන්ම අංඟුලිමාල තෙරුන් පිඬු සිඟා වඩින අවස්ථාවේ ලී දඬු වැදී
“ඔහු මහසම් බිඳී ඇට දක්වා බුන් හිසින් ලේ වගුරවමින් බුන් පා ඇතිව හිනැ හිරුණු සිවුරු ඇතිවැ බුදුන් කරා ගොස්”