ධර්මසේන හිමියන්ගේ කථා කලාව
දඹදණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධරත්නාවලියේ එන උග්ගසේන කතා වස්තුවේ විශේෂ ලක්ෂණයක් වන්නේ කථාකීමේ කලාවේ ඇති ආකර්ෂණීය බවයි.පමා,රුඅක,අනුප්‍රසවත් පද භාවිතය,සංකල්ප රූප මවන භාෂා භාවිතය.කෙටි වැකි භාවිතය හා ගැමි කටවහර ආදී වූ ලක්ෂණයන්ගෙන් යුතු මෙම වහර සාමාන්‍ය ජනයා උදෙසා අවබෝධවන ආකාරයේ සුවිශේෂී ආකාරයේ සුවිශේෂී අකාරයේ කතා කලාවකි.
කථාවේ
පටන්ගැන්ම තුළ සංකල්ප රුප මවන භාෂාවක් භාවිතා කරන කථාකරු
“නටන එකකුගේ
දුවක් හුණදඬු අගකදී නටන එකක් ශිල්ප බලයෙන් අහස ඩ සක්මන් කරයි නටයි ගිත් කියයි.”
මනා අවස්ථා නිරූපණයකින් සංකල්ප රුප මවන භාෂාවක්
මෙන්ම අනුප්‍රාසවත් කෙටි වැකි භවිතයකින් අපූරු රංගනයක් ගෙන හැර පායි.මීට අමතරව
උග්ගසේනයන් විද්දත් දියණිය කෙරේ බැඳී පවසන්නේ
“ලදොත් ජීවත්
වෙමි නොලදොත් මියෙමි”
යනුවෙනි.
සාමාන්‍ය
කටවහර ග්‍රන්ථකරණය සඳහා යොදාගන්නා හිමි එම අවස්ථාව යොදා ගන්නේ සජීවී ආකාරයෙනි.
උපමා වලින්
යුක්ත බස් වහරක් යොදාගන්නා කතුවරයා
“අවක්ප්පනයෙන්
බැඳි අසු රෑන අල්වා ඇදි ඇදී එන්නා සේ “
ඉහත කොටසින්
විද්දත් දියණියගේ බැනුම් විලාසය විස්තර කර්න කතුවරයා වැරදි ලෙස ලිහිල් ස්වරූපයෙන්
බඳින ලද අශ්වයකුගේ දිවීම් විලාශයට ඇගේ වචන වචන පරිහරණය උපමා කරයි. බුදුන් වහන්සේ
රජගහ නුවරට වඇඩම කිරීමෙන් පසු උග්ගසේන්නගේ ශිල්පය බැලීමට මිනිස්සු අවධානය නොකිරීම
නිස්සා ඔහුගේ බලාපොරොත්තු කඩවීම දක්වා ඇතේ මෙසේ ය
“පැසුණු ගොයම්
මුල් වූවා සේ”
අස්වැන්නක්
ලැබීමට ආසනව තිබි ගොයම් යලි මුල් ස්වරූපයට පත්වීමෙන් ලැබීමට තිබූ අස්වැන්න අහිමි
වේ. මෙය වඩාත් නිර්මාණාත්මකව උග්ගසේනයන්ගේ සිද්වීම හා සම්මිශ්‍රණය කරමින්
ද්ඝර්මසේන හිමියෝ කතාව රචනා කර ඇත.
මීට අමතරව
අනුප්‍රාසවත් පද භාවිතයක් ද සද්ධර්මරත්නාවලිය තුළ දැකිය හැකි ය.
“අවකප්පනයෙන්
සැදි අසු රෑන අල්වා ඇදි ඇදී එන්නා සේ”
වශයෙන් අනුප්‍රාසවත්
පද භවිතය හරහා කෘ තියෙහි අපූරු රසයක් ජනිත කරයි.
ඉහත ලක්ෂණ
අනුව පෙනී යන්නේ ධර්මසේන හිමියන් සිය කෘ තිය හරහා අපූරු භාෂා රීතියක් යොදා ගනිමින්
වඩාත් ආකර්ෂණීයව සද්ධර්මරත්නාවලිය රචනා කර ඇති බවයි.