අහිංසක දරුණු මිනීමරුවෙකු වීමට බලපෑ හේතු පැහැදිලි කරන්න
පොළොන්නරු යුගයේදී ගුරුළුගෝමීන් විසින් රචිත අමාවතුර තිය ඉතා රසවත් නිර්මාණයකි.මෙහි එන අඟුල්මල් දාමනය ඉස්මතු වන්නේ පුරිසධම්ම සාරථී ගුණයයි.මෙහි අංඟුලිමාල වශයෙන් පසුව හඳුන්වන්න වූ චරිතය මුලින් අහිංසක වශයෙන් හැඳින්විනි.අහිංසකගේ චාරිතය පිළිබඳ සඳහන් වන්නේ මෙසේය. “හේ ධර්මාන්තේවසිකව ශිල්ප උගනියි.වත්සපැනැ කී කී දෙයක් වහා සපයයි.මන වඩන නියායෙන් හැසිරෙයි පෙම් වඩන නියායෙන් බෙණෙයි.” ඉහතින් දක්වා ඇත්තේ අහිංසකගේ මුල් ස්වභාවයයි.ගුරුවරයාට කීකරු වූ වත්පිළිවෙත් සුරකින යහපත් ප්‍රියවචන කතා කරන ශිෂ්ය්යෙකුගේ ස්වාභ්හවය අප ඉදිරියේ අනාවරණය කරයි.නමුත් එසේ වූ අහිංසක දරුණු මිනීමරුවෙකු බවට පත්වූවේ කෙසේදැයි විමසීමට ලක්කළ යුතුය.සමවයස් කණ්ඩායම් වල ක්‍රියා කලාපය මෙම පරිවර්ථනයට විමසා බැලීමේදී පැහැදිලිව පෙනෙන කරුණකි. “අහිංසක මාණැවකයා ආ තැන් පටන් ගෙන උනට අප නොපෙනෙම්හ.” වශයෙන් සමවයස් කණ්ඩායම් තුළ ඇති වන්නා ඊර්ෂ්‍යා සහගත සිතුවිලි මුලින්ම අහිංසකගේ ජීවිතයට අහිතකර ලෙස බලපා ඇති බව පෙනී යයි.එවන් වූ චරිතයක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමවයස් කණ්ඩායම් සැළසුම් කරයි.මෙහි මුල් පියවර වන්නේ “ආචාර්යා අඹුව හා සසඟ ඇති සෙ යැ.බිඳ ...
