ලෙන අතහැර යාම
දරුවන්ගේ සුභ
සිද්ධිය උදෙසා කටයුතු කරන්නා වූ මවකගේ චරිතය සුප්පා දේවියගේ චරිතය හරහා සංකේතවත්
වේ.පාඩම ඇසුරෙන් මෙම ප්‍රකාශය විමසන්න
මහාචාර්‍ය
එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන් විසින් රචිත සිංහබාහු නාට්‍ය හරහා විහේෂයෙන්ම දරුවන්
කෙරෙහි සෙනෙහස දක්වන්නා වූ මවකගේඑ චරිතයක් සුප්පා දේවියගේ චරිතය හරහා ඉස්මතුවේ.මෙම
විවිධ අවස්ථා වලින් සනාථ කරගත හැක.සිංහබාහු නාට්‍යයේ ප්‍රධානම චරිතය වන්නේ සිංහයාගේ
චරිතයයි.මෙහිදී සිංහ සීවලී,සුප්පා දේවී,සිංහබාහු යන චරිත නාට්‍ය යේ විකාශනයට මනා
පිටුවහලක් සපයයි.
විශේෂයෙන්ම
සුප්පා දේවිය දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා කැපවන චරිතයකි.සුප්පා දේවිය තීරණාත්මක
අවස්ථාවන් වලදී තීරණ ගනු ලබන්නේ දරුවන්ගේ සුභ්හ සිද්ධිය සඳහා ය. පහත නිදසුනෙන් එය
පැහැදිලි වේ.
“යන්නට වේ
දැන් සැමියා හැරා
වන වාසයෙන් මේ
පුතු සමඟා
දරුවන් දෙදෙනා
හට සෙත් ලැබෙනා
මඟ ඔස්සේ
යායුතු වන්නේ
නොසැලී කිසී
මේ වෙලේ”
මෙයින් ප්‍රකාශ
වන්නේ නර වාසයට ය්ස්මු යයි දැඩි ලෙස බල කරන තම පුත් සිංහබාහුගේ කීම ගැන කල්පනා කරන
සුප්පා දේවිය සැමියා සමග වාසය කරන්නද දරුවන් සමග මිනිස් වාසයට යාමට දැයි සිතා
බලයි.අවසානයේ මව් සෙනෙහස පෙරටු කොටගෙන දරුවන් සමග මිනිස් වාසයට යාමට ඇය තීරණය
කරයි.
“දරුවන් සන්දා
කරනෙම්
මෙබන්දා
සිහි වෙ හැම
කල් හද සෝකෙන් ස්ඩමා වනු අත වරදා”
මෙහිදී ඇය
තමංගේ දරුවන්ගේඑ ශුභ සිද්ධිය ගැන පමනක් සිතා තම සැමියා අතහැර දරුවන් හට යහපත උදාවන
ස්ථානයක් වන ඇයගේ දේශය වන වංග දේශයට යාමට තීරණය කරයි.
“නුඹගේද නුබ
නැගණියන්ගේද යහපත පිණීස මම නුබ පියානන් හැරපියා යන්නට සනිටුහන් කරගතිමි.මා මෙසේ
කරන්නේ මා හද තුල ඇති මහත් වේදනාවෙනි.දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව මා
දනිමි.යමු දරුවෙනි”
මෙහිදී සුප්පා
දේවිය දරුවන් දෙදෙනා සමග ලෙන අතහැර යාමට සූදානම් වෙයි.නමුදු සිය සැමියා වන කතරේ
තනිකර යෑම ගැන සුප්පා දේවිය දැඩි වේදනාවකින් පෙළෙන බව පෙනේ.අකැමැත්තෙන් වුවත්
තමාගේ දරුවන් තනි නොකරමි යි යන අදිෂ්ටඨානයෙන් යුතුව සිංහයා තනිකර දමා තිදෙනා
පිටවෙයි.මේ සියල්ල හමුවේ අපට ඉස්මතුව පෙනෙන්නේ සුප්පාදේවියගේ මාතෘත්වයයි.

