බැද්දේගම

බැද්දේගම

හම්බන්තොට ප්‍රදේශයේ මිනිසුන්ගේ හැසිරීම් රටා පදනම් කරගනිමින් රචිහ බැද්දේගම තියෙහිප්‍රධාන චරිත කිහිපයකි.පුංචි මැණිකා,සිළිඳු,කර්ලිනාහාමි හා බබුන් යනු ඔබට හමුවන චරිත කිහිපයක්.

පිටිසර ගමක් වූ බැද්දේගම ක්‍රමයෙන් අභ්හාවයට යන ආකාරය තියෙහි අපූරු ආකාරයට නිරූපණය කරයි.

“අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවා සැක නැති”නැන්චොහාමි කී අනාවැකිය යතාර්ථයක් වන ලකුණු බැද්දේගමින් නිර්මාණය වේ.කතුවරයා විසින් විවිධ අවස්ථා වලදී මෙකී පරිහානිය ඉස්මතු කරයි.

“මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩී වැට යට කරග්ත්තේය දෙවනුව අළු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරුද මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරින් රිංගා අවුත් මිදුලටත් ගෙයි බිත්තිවලට හා දඔරකඩටත් ලං විය.”

ඉහත නිදසුන අනුව පැහැදිලි අන්නේ බැද්දේගම ගැමියන්ගේ ජීවන යතාර්ථයයි.ගම වට කරගෙන වනය නැගී සිටින ආකාරයෙන් එය අලින්ට වාසභූමියක් වන ආකරයත් නව කථාවෙන් මනාව විස්තර වේ.

නැන්චොහාමි කී පරිදි මෙය පරිහාණියේ ලක්ෂනයයි.

“ලොකු දළුක් පඳුරක් වහල මත වැඩී උළු එහාමෙහා කරමින් මුල් ඇදුනේ ය. බිත්ති අතර කැලය වැඩී ගෙය ඔබා ගත්තෙන් බිත්ති බිඳ වැටී වහල බිමට පාත් විය.”

ඉහත නිදසුන හරහාද පැහැදිලි වනේ නන්චොහාමි කියන අනාවැකිය සනාථ වන පරිහානියේ ලක්ෂන පෙන්නුම් කරයි.ගෙවල් වසා ගනිමින් කැලය නැගී එන්නේ මුළු ගමම වනපෙතක් කරමින් ය. ඉදිරියේදී අලින්ට නවාතැන් සපයන භූමියක් සේ බැද්දේගම හැඳින්වීම කෙතරම් සාධාරණද?

“බිත්තිවල වරිච්චි විශාල පඳුරු බවට වැඩුනේ ය.ලොකු ගස්ද මතු වෙන්නට පටන් ගති. තුන් වැනි වැස්ස අවසානයේ මුළු ගෙයිත් කැලයේත් වෙනසක් නොවී ය”

ක්‍රමයෙන් වෙනස් වන බැද්දේගම වැස්සන් සමඟ එය අභාවය කරා ගමන් කරමින් එය කැලයක් බවට සියළු ප්‍රදේශ වසාගෙන කැලය මතුවූයේ බැද්දේගම යන්නෙහි අර්ථ්‍ය සනාථ කරමිනි.ඒ අනුව ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරන්නා වු ගමක සේයාව දිස් වන්නට විය.



සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel