Posts

අහිංසක දරුණු මිනීමරුවෙකු වීමට බලපෑ හේතු පැහැදිලි කරන්න

Image
පොළොන්නරු යුගයේදී ගුරුළුගෝමීන් විසින් රචිත අමාවතුර තිය ඉතා රසවත් නිර්මාණයකි.මෙහි එන අඟුල්මල් දාමනය ඉස්මතු වන්නේ පුරිසධම්ම සාරථී ගුණයයි.මෙහි අංඟුලිමාල වශයෙන් පසුව හඳුන්වන්න වූ චරිතය මුලින් අහිංසක වශයෙන් හැඳින්විනි.අහිංසකගේ චාරිතය පිළිබඳ සඳහන් වන්නේ මෙසේය. “හේ ධර්මාන්තේවසිකව ශිල්ප උගනියි.වත්සපැනැ කී කී දෙයක් වහා සපයයි.මන වඩන නියායෙන් හැසිරෙයි පෙම් වඩන නියායෙන් බෙණෙයි.” ඉහතින් දක්වා ඇත්තේ අහිංසකගේ මුල් ස්වභාවයයි.ගුරුවරයාට කීකරු වූ වත්පිළිවෙත් සුරකින යහපත් ප්‍රියවචන කතා කරන ශිෂ්‍ය්‍යෙකුගේ ස්වාභ්හවය අප ඉදිරියේ අනාවරණය කරයි.නමුත් එසේ වූ අහිංසක දරුණු මිනීමරුවෙකු බවට පත්වූවේ කෙසේදැයි විමසීමට ලක්කළ යුතුය.සමවයස් කණ්ඩායම් වල ක්‍රියා කලාපය මෙම පරිවර්ථනයට විමසා බැලීමේදී පැහැදිලිව පෙනෙන කරුණකි. “අහිංසක මාණැවකයා ආ තැන් පටන් ගෙන උනට අප නොපෙනෙම්හ.” වශයෙන් සමවයස් කණ්ඩායම් තුළ ඇති වන්නා ඊර්ෂ්‍යා සහගත සිතුවිලි මුලින්ම අහිංසකගේ ජීවිතයට අහිතකර ලෙස බලපා ඇති බව පෙනී යයි.එවන් වූ චරිතයක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමවයස් කණ්ඩායම් සැළසුම් කරයි.මෙහි මුල් පියවර වන්නේ “ආචාර්‍යා අඹුව හා සසඟ ඇති සෙ යැ.බිඳ ...

සිංහබාහුගේ චරිතය

Image
සිංහබාහුගේ චරිතයෙන් තරුණයෙකුගේ අදහස් හා ක්‍රියාකරීත්වය මනාව පිලීබිඹු වේ” මෙම ප්‍රකාශය පාඩම අසුරෙන් පැහැදිලි කරන්න නට්‍යයේ විශේෂයෙන්ම සිංහබාහුගේ චරිතයේ යෞවනත්වය සැඟවී තිබේ. යෞවනයෙකු එඩිතරය,ගාම්භීරය,ආක්‍රමණශීලීය, කුහුහලයෙන් යුක්තය. එඅන් වූ චෛත ලක්ෂණ නාට්‍ය තුළ සිංහබාහුගේ චරිත්‍යටද ආවේණික ය.ඔහු ගල්ලෙන බිඳින්නෙ ද,ලෙන් දොර හරින්නේද ඔහු තුල ඇති ඒ එඩිතර බව නිසයි. “ගල් ලෙන බිඳලා ලෙන් දොර හැරලා සිංහබා....සිංහබා...” මේ කොටසින් ඉස්මතු කරන්නේ සිංහබාහුගේ යෞවන ගතියයි.කුතුහලයෙ පිරි යෞවනත්වය පැහැදිලිව පෙන්වන ගීතයක් ලෙස මෙය දැක්විය හැක.ඔහු ගල් ලෙන බිඳ ලෙන් දොර හරින්නේ යෞවනත්වය ඉස්මතු කරමිනි. “නැගණිය මා වම් උරහිස මතද ඔබ ම දකුනු උරහිස මතද තබාගෙන මේ ගොරතර වනාන්තරයෙන් තෙර වන්නෙමි.” ඉහත ක්‍රියාකාරකම කළ හැක්කේ සැබෑ යෞවනයෙකුට පමණි.එබැවින් ඔහුගේ ශක්තිය ඉස්මතුවන එක් අව්ස්ථවක් සේ මෙය හැඳින්විය හැකිය.ඒ තුළ තාරුන්‍යකුගේ අදහස හා ක්‍රියාකාරීත්වය මනාව ඉස්මතු වේ. “තුමුළ ගතින්දා බාහු බෙලෙන්දා වෙමි සේ තිදසින්දා කුරිරු ගිජින්දා කුඹු තල සින්දා ලමි සේ කෙසරින්දා මා පිය මිඟිදා කරනා විකුමන් ඇයි ම...

ලෙන අතහැර යාම

Image
  දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කරන්නා වූ මවකගේ චරිතය සුප්පා දේවියගේ චරිතය හරහා සංකේතවත් වේ.පාඩම ඇසුරෙන් මෙම ප්‍රකාශය විමසන්න   මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන් විසින් රචිත සිංහබාහු නාට්‍ය හරහා විහේෂයෙන්ම දරුවන් කෙරෙහි සෙනෙහස දක්වන්නා වූ මවකගේඑ චරිතයක් සුප්පා දේවියගේ චරිතය හරහා ඉස්මතුවේ.මෙම විවිධ අවස්ථා වලින් සනාථ කරගත හැක.සිංහබාහු නාට්‍යයේ ප්‍රධානම චරිතය වන්නේ සිංහයාගේ චරිතයයි.මෙහිදී සිංහ සීවලී,සුප්පා දේවී,සිංහබාහු යන චරිත නාට්‍ය යේ විකාශනයට මනා පිටුවහලක් සපයයි. විශේෂයෙන්ම සුප්පා දේවිය දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා කැපවන චරිතයකි.සුප්පා දේවිය තීරණාත්මක අවස්ථාවන් වලදී තීරණ ගනු ලබන්නේ දරුවන්ගේ සුභ්හ සිද්ධිය සඳහා ය. පහත නිදසුනෙන් එය පැහැදිලි වේ. “යන්නට වේ දැන් සැමියා හැරා වන වාසයෙන් මේ පුතු සමඟා දරුවන් දෙදෙනා හට සෙත් ලැබෙනා මඟ ඔස්සේ යායුතු වන්නේ නොසැලී කිසී මේ වෙලේ” මෙයින් ප්‍රකාශ වන්නේ නර වාසයට ය්ස්මු යයි දැඩි ලෙස බල කරන තම පුත් සිංහබාහුගේ කීම ගැන කල්පනා කරන සුප්පා දේවිය සැමියා සමග වාසය කරන්නද දරුවන් සමග මිනිස් වාසයට යාමට දැයි සිතා බලයි.අවසානයේ මව් සෙනෙහස ...

ගංගාවේ සංගීතය හාෂා භාවිතය

Image
  ගංගාවේ සංගීතය හාෂා භාවිතය එච්.එම් කුඩලිගම කවියා විසින් රචිත ගංගාවේ සංගීතය පද්‍ය නිර්මාණය හරහා ජීවිතය පිළිබඳ යථාර්ත ධර්මතාවයක් ඉදිරිපත් වේ. මෙහි කවියා යොදාගන්නා භාෂාව ඉතා රසවත් ය.විශේෂයන්ම රූපකාර්ථවත් භාෂාවක් යොදා ගන්නා අතර අනුප්‍රාස සංකල්ප රූප   වලින් පෝෂණය වූ භාෂාවක් කවියා යොදා ගනියි. “සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදි හෝ මහ මුගහුදු හිමි හමුවුන කෙරෙහි මාසතු බර ඔහුට දෙමි” ඉහත කවිය හරහා ගඟට උත්තම පුරුෂ දෘශ්ටි කෝනයක් ආරෝපණය කොට ගඟ ආමන්ත්‍රණය කරන ආකාරය “මි” අක්ෂරයෙන් අනුප්‍රාසවත් කොට ඉදිරිපත් කරයි. මීට අමතරව රූපකාර්ථවත් පද භාවිතයක් හරහා   මහ මුහුද සැමියෙකු ආකාරයට දකියි.ගංඟා විවිධය.මහ මුහුද නැමැති සැමියා හමුවුණ විට තමා සතු බර ඔහුට දෙන බව ගඟ පවසයි. “හිරිමල් සිනා රැලි පෙණපිඬු මිහිරිතම ගල්පර වලම හැපි හැපි බිහි කරමි මම සම තැනිතලාවල හමුවෙයි අලසකම නිරසයි අතර මග අවහිර නොදුටු බිම” ඉහත කවිය හරහා කවියා ඉදිරිපත් කරන්නේ ගඟ පිලිබඳ රූපකාර්ථවත් බස් වහරක් ආශ්‍රයෙන් ගොඩ නගා ගත් අදහසකි.එනම් ගඟෙහි ස්වභාවය තුළින් ජීවිතයේ ඇ...

ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය තුළින් අජීවී පරිසරයට සජීවී බව ආරෝපණය කිරීම

Image
  අජීවී පරිසරයට ආරෝපණය කිරීම ගඟ යන අජීවී වස්තුව හරහා එයට සජීවී බවක් ආරෝපණය කරන කවියා ගඟ ආමන්ත්‍රණය කරන ආකාරය දක්වා එනම් “සැඟවෙන” බවත්”එබෙන” බවත් “පසු නොබසින” බවත්”නොනවතින” බවත් පවසන කවියා ස්‍යුර නැමැති හිමි හමුවන අවස්ථාවේ තමා සතු බර ඔහුට ලබා දෙන බව පවසයි.මෙය අජීවී ගඟට සජීවී බවක් ආරෝපණය කිරීමකි. “සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදි හෝ මහ මුහුදු හිමි හමුවුන කෙරෙහි මා සතු බර ඔහුට දෙමි” ඉහත අදහස මෙම කවියෙන් පවසන අතර ජීවිත්ගය පිලිබඳ දර්ශනයක්ද මේ හරහා ඉදිරිපත් කෙරේ ජීවිතය ද නවතීමක් නැතිව ගලාගෙන යයි.ගඟද එසේ ය. ජීවිතයේ අවසානය මරණයයි.ගඟේ අවසානයද මුහුදට එක්වීමයි.බාධක හමුවේ ගඟ වේගවත් ය.ජීවිතයද එසේ ය.බාධක හමුවේ මුවහත් වේ. එබැවින් ගඟ හරහා ඉදිරිපත් කර ඇත්තේ ජීවන දර්ශනයයි. “එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මාදුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙක් අයි නොසොයන්නේ” ගඟ සංවාදයක යෙදෙන ආකාරයට කවිය ගොනු අකාරයට කවියා දක්වන්නේ ගඟ පවසන්නේ තමන් ගැන වගතුග මිනිසුන් සොයන බවයි.නමුත් ලෝකයේ මිනිසුන් ගේ උපත ...

මුනි සිරිපා සිඹිමින්නේ

Image
මුනි සිරිපා සිඹිමින්නේ චරිත සංවර්ධනයට නිර්මාණාත්මක   අදහස් ඉදිරිපත් කිරීම හමුවේ ප්‍රතිභාපූර්ණ කවියෙකු මෙහිදී අපට හමුවේ. මෙම කියමන සාකච්ඡා කරන්න ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචිත ජාතික තොටිල්ල ග්‍රන්ථයේ අතුළත්   වන මුනිසිරිපා සිඹිමින්නේ යන පද්‍ය මාලාව දේශ්නුරගය දනවන මෙන්ම පුද්ගලයෙකුගේ චරිත සංවර්ධනය සඳහාද උපදෙස් ලබාදෙන පැදි මාලාවකි.මෙහිදී වඩාත් නිර්මාණාත්මක ලෙස අදහස් ඉදිරිපත් කරමින් උපදෙස් ලබාදීමට කවියා කටයුතු කර ඇත. “කරදර දහසක් හමුවේ ඉන්ටැකි නම් සිනා වෙවී නුඹ මෙලොවට පහළ දෙවී රජෙකුයි සලකනු මනවී” ඉහත කවිය හරහා කවියා පැහැදිලි කර්න්නේ කරදර දසහසක් හමුවේ වුවද සිනාවෙවී සිටිය හැකි නම් ඔහු මෙලොවට පහළ වූ දෙවි රජෙකු ලෙස සැලකිය ඃඇකි බවයි.මෙහිදී මහින්ද හිමියන් අදහස් කර තිබෙනුයේ කොතරම් බාධක කම්කටොළු හමුවේ වුවද සතුටින් ඒවාට සාර්ථකව මුහුණ දෙන තනැත්තවුන් දෙවි රජවරුන් තරම් සාර්හ්හක බවයි.එවැනි පුද්ගලයින් හැඳින්වීමට දෙවි රජවරුන් යන පදය යොදා ගැනීම තුළින් පැහැදිලිවන්නේ උන්වහන්සේගේ නිර්මාණාත්මක බවයි.වඩාත් නිර්මාණාත්මක දහස් තුළින් පෞරුෂ සංවර්ධනයට උන්වහන්සේ උපදෙස් ලබාදී ඇත. “ම...

බැද්දේගම

Image
බැද්දේගම හම්බන්තොට ප්‍රදේශයේ මිනිසුන්ගේ හැසිරීම් රටා පදනම් කරගනිමින් රචිහ බැද්දේගම තියෙහිප්‍රධාන චරිත කිහිපයකි.පුංචි මැණිකා,සිළිඳු,කර්ලිනාහාමි හා බබුන් යනු ඔබට හමුවන චරිත කිහිපයක්. පිටිසර ගමක් වූ බැද්දේගම ක්‍රමයෙන් අභ්හාවයට යන ආකාරය තියෙහි අපූරු ආකාරයට නිරූපණය කරයි. “අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවා සැක නැති”නැන්චොහාමි කී අනාවැකිය යතාර්ථයක් වන ලකුණු බැද්දේගමින් නිර්මාණය වේ.කතුවරයා විසින් විවිධ අවස්ථා වලදී මෙකී පරිහානිය ඉස්මතු කරයි. “මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩී වැට යට කරග්ත්තේය දෙවනුව අළු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරුද මානා පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අද්දරින් රිංගා අවුත් මිදුලටත් ගෙයි බිත්තිවලට හා දඔරකඩටත් ලං විය.” ඉහත නිදසුන අනුව පැහැදිලි අන්නේ බැද්දේගම ගැමියන්ගේ ජීවන යතාර්ථයයි.ගම වට කරගෙන වනය නැගී සිටින ආකාරයෙන් එය අලින්ට වාසභූමියක් වන ආකරයත් නව කථාවෙන් මනාව විස්තර වේ. නැන්චොහාමි කී පරිදි මෙය පරිහාණියේ ලක්ෂනයයි. “ලොකු දළුක් පඳුරක් වහල මත වැඩී උළු එහාමෙහා කරමින් මුල් ඇදුනේ ය. බිත්ති අතර කැලය වැඩී ගෙය ඔබා ගත්තෙන් බිත්ති බිඳ...

බැද්දේගම අවස්ථා හ සිද්ධි නිරූපණය

Image
බැද්දේගම අවස්ථා හ සිද්ධි නිරූපණය  බැද්දේගම නවකථාවේ පුංචි මැනිකාගේ චරිතය ප්‍රබල චරිතයකි. එහි ඇගේ හැසිරීම් රටාව විවිධ අවස්ථාවන් වලදී නවකථා කරුවා නිරූපණය කරන්නේ ඉතා ආකර්ශණීය ලෙසයි.මෙහි සිළිඳු සහ බබුන් අහිමිවීමෙන් තනිවන පුංචිමැනිකා බලාසිටින අවස්ථාව නවකතාකරුවා නිරූපණය කරන්නේ මෙලෙසය.  “ බියට පත් වූ පුංචි මැනිකා දවසෙන් වැඩි කාලයක් ගත කලේ මේ බියකරු සිතුවිලි වල පැයටළී ගෙයි පිලේ හිඳ නිකටට අත තබා ගත් ගමන්මය.”  සංකල්ප රූප මවන හාෂාවක් හරහා වර්ණනා වන මෙම අවස්ථාව තාත්විකව නිරූපණය කිරීමට නවකථාකරු ගෙන ඇති උත්සාහය මනාව පෙනී යයි. මීට අමතරව විවිධ චරිත පිළිබඳව හා ඔවුන්ගේ කටුකත්වය පිළිබඳ කතුවරයා වර්ණනා ඉදිරිපත් කරයි. විටෙක පුංචි මැනිකා බබුන් සොයා කඹුරුපිටියට ඇදෙයි මේ අවස්ථාවේ ඇයට හමුවන මහළු ගොපල්ලෙක් පිළිබඳව කතුවරයා දක්වන්නේ මෙසේය   “ඔහු එහි නොසැලී හිඳගෙන කඳුපාමුල පොල්ගස් දෙස නෙත්හෙළා ගත් වනම උන්නේය. රැකබලා සිටි එළදෙනුන්ගේ මෙන්ම ඔහුගේ වියළි ගිය සමට යටින් පිහිටි ඉළකෝටු ගනං කළ හැකි විය”  අහිංසක ගැමියෙකු පාලුවෙන් කාන්සියෙන් යුතුව ගවයන් රැකීමේ මෙහෙවරෙහි යෙදීසිටින ආකාරය කවියා පවසන්නේ...

ගුත්තිල කාව්‍යයේ කවියාගේ කවීත්වය

Image
  ගුත්තිල කාව්‍යයේ කවියාගේ කවීත්වය ගුත්තිල කාව්‍යයේ රචකයා වූ වෑත්තෑවේ හිමියන් කෝට්ටේ යුගයේදී රචනා කරන ලද ගුත්තිල කාව්‍ය තුළින් එහිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවීත්වය   මැනැවින් නිරූපණය කවේ. පරිසර සංසිද්ධි හරහා වෙණ වැයුමේ මිහිරි බව ඉස්මතු කළ කවියා විටෙක සරල බස් වහරද වියත් වහරද යොදා ගනිමින් ඉතා රසවත් නිර්මාණයක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති බව පෙනී යයි. “දෙවැනි තුන්වැනි තත සතරවැනි පස්වැනි තත සවැනි සත්වැනි තත මෙසේ සිඳි සඳ මෙ අප බෝසත” ඉහත කවිය හරහා ඉතා සරල ව්‍යවහාර භාෂා භාවිතය තුළින් බෝසතුන් වීණාවේ තත් සිඳි ආකාරය මනාව දක්වයි. එමෙන්ම “දිය දිය ගොස පළැ කරමින් සපැමිණි ගිය ගියය තැන ඉස්වා ‍රන්මුතු මිණි   ගිය ගිය තැන් ඉස්වා රන් මුතු මීණී සිය සිය ගුණයෙන් වෙණැ නද නික්මිණි “ ඉහත කවියට අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ අර්ථ ටරසයට ගැළැපෙන ශබ්ධ රසය මතු කරමින් කාව්‍ය රචනා කිරීමට කවිටයා ගෙන ඇති උත්සාහයයි. වීණා වාදනයේ තාලයට උස් පහත් වන ලයාන්විතව ගලායන වෙණ වැයුමක රිද්මය කවිය හරහා මනාව ඉස්මතුව පෙනේ එමෙන්ම සුරඟන රැඟුම අවස්ථවේ සුරඟනංගේ රංගන විලාශයද අපූරු පද නිර්මාණැයක් හරහ...
සජීවී සිංහල පන්තිය සඳහා සෑම සඳුදාවකම රාත්‍රි 8 සිට 10 දක්වා ඩි පි එඩියුකේශන් හරහා සම්බන්ධ වන්න

CLICK ME

2020 O/L
නිවාඩු කාලෙ ගෙදර ඉදන් ඉගෙනගන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න


ADA DERANA EDUCATION

CHANNEL NIE
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පිවිසෙන්න

2020 O/L
Reveiws by (TCR) Nilmini Chandrasekara
credits for other PDF notes are goes to their respective owners
created & desined by
Chamod M Thennakoon & Rakidu M Thennakoon

Connect with Us on Telegram

Join Telegram Channel